එළවළු අලෙවි කිරීමේ දී තොග මිල සදහා පාලන මිලක් යෙදවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ස්තුතිය රජය වෙත පිරිනමන බවත් එහෙත් තවදුරටත් ඒ පිළිබඳව අධ්‍යනයක නිරත වි ගොවීන්ගේ පැත්තෙන් එය සංශෝධනය කිරීමට හැකියාවක් ඇත්නම් තම සහයෝගය ලබාදෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.
ගොවීන්ට බලපා ඇති ප්‍රශ්න ගැටලු පිළිබඳව සොයාබැලීම සඳහා ඔහු අද (28) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ මාධ්‍ය හමුවේ මේ බව පැවසීය.
අතරමැදි කණ්ඩායම් උපරිම මිල ප්‍රකාශයට පත් කළ අවස්ථාවක එම මිලට එළවලු මිලදී නොගෙන ඊට අඩු මුදලට එළවලු ලබාගෙන උපරිම තොග මිල පෙන්වා පාරිභෝගිකයින්ට අලෙවි කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම හේතුව නිසා එළවළු අලෙවි කිරීමේ දී උපරිම මිල මෙන්ම අවම මිල ගණනක් සටහන් කිරීම කාලෝචිත බව ද නාමල් කරුණාරත්න මහතා මෙහිදී අවධාරණය කළේය,
මේ අවස්ථාව වන විට සහල් මිල වී මිල එක මට්ටමේ පවත්වාගෙන යෑමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් රජයේ අවධානය යොමු කළ යුතු බවද පෙන්වා දුන්නේය. කීරි සම්බා සහල් සහ වී මිල සමාන බවද නාමල් කරුණාරත්න මහතා මෙම අවස්ථාවේදී පෙන්වා දීම විශේෂත්වයකි.
සුළු පරිමාණ මෝල් හිමියන් අඩු මිල ගණන් යටතේ සහල් ලබාදෙන අවස්ථාවේ මහා පරිමාණ මෝල් හිමියන් වැඩි මිල ගණන් යටතේ සහල් අලවිය සිදුකරමින් සිටින බවටද චෝදනා කළේය ,
එළවළු වගා කිරීමේ දී විශාල පිරිවැයක් යන බවත් එම පිරිවැය අවම කරගැනීම සඳහා ගොවීන්ට මේ අවස්ථාවේදී සහයෝගය ලබාදිය යුතු බවත් නැවත මිල සංශෝධනය කොට උපරිම සහ අවම මිල සටහන් කිරීම කඩිනමින් රජය සිදු කළ යුතුව තිබෙන බවද නාමල් කරුණාරත්න මහතා දඹුල්ලේ දී අවධාරණය කළේය.
ආර්ථික මධ්‍යස්ථානය තුළට ගොස් ගොවීන් සමග ද ඒ මහතා කතාබහක නිරත වූ අතර ව්‍යාපාරිකයන් සමඟ ද කතාබහක නිරත වීය.