උතුරේ පාසල්හි අධ්‍යාපනය වර්ධනය කිරිමේ තවත් පියවරක් වශයෙන් නවීන පහසුකම් වලින් යුත් ස්මාර්ට් පන්ති කාමර 100 ක් ලබාදීමට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්යං ශය විසින් පියවර ගෙන ඇත.
රුපියල් මිලියන 44 ක් වෙන් කොට ඇති මෙම ස්මාර්ට් පන්තිකාමර ව්‍යාපෘතියේ පළමු පියවර වශයෙන් යාපනය පේදුරුතුඩුව හාර්ටිලි විද්‍යාලයේ ස්මාර්ට් පන්ති කාමරයක් සිසු අයිතියට පත් කල අවස්ථාවේදී එම අමාත්‍යංශයේ ලේකම් වී.සිවඥානසෝති මහතා මේ බව පැවසීය.
නවීන තාක්ෂණය යොදාගනිමින් පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබා දිම සඳහා මේ වන විටත් යාපනයේ පාසල් 26 ක් ගුරුවරුන් 52 දෙදෙනෙකු පුහුණුවක් ලබා දී ඇති අතරම එමඟින් උතුරු අධ්‍යාපනයේ නව පුනරුදයක් ඇති කිරීමට හැකි වන බවටද වී.සිවඥානසෝති මහතා වැඩිදුරටත් පැවසීය.