පසුගිය අඟහරුවාදා (16) සවස රූමස්සලදී මුහුදට වැටී අතුරුදහන් වුණ අනෙක් තරුණයාගේ මළ සිරුරද උණවටුන ප්රදේශයේ මුහුදේ පාවෙමින් තිබියදි අද (18) සවස සොයාගත් බව පොලීසිය පවසයි.
එම තරුණයා ගිණිමැල්ලගහ කුරුඳුවත්ත පදිංචි කවිඳු ප්රසාද් ජයසිංහ (21) යන අය බව ඥාතීන් විසින් හඳුනාගෙන ඇත.
දේහය පිළිබඳ මරණ පරීක්ෂණය මැටරැඹ හදිසි මරණ පරීක්ෂක නිරෝෂා නිල්මිණි මහත්මිය විසින් කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.
මොහු සමග මුහුදට වැටී අතුරුදන්වුණු නිලංග මලිත් යන අයගේ සිරුර පොලීසිය විසින් අද උදෑසන සොයාගන්නා ලදී.
මීට දින දෙකකට පෙර තවත් තරුණයින් පිරිසක් සමග දියනෑම සඳහා රූමස්සල ප්රදේශයට ගොස් සිටියදී වෙරළේ ගලක් මතට නැග සෙල්ෆි ඡායාරූප ගැනීමේදී මොවුන් අනතුරට ලක්විය.
හබරාදුව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.