ජලය මත විශාල ලෙස පැතිරීගිය තෙල් පැල්ලම් තට්ටුවකින් ඉහළ කොත්මලේ ජලාශයේ පවතින අයුරු අද (17) දක්නට ලැබුණු බව තලවකැලේ නගර වැසියෝ කියති.
තෙල් මිශ්ර ජලය විශාල වශයෙන් ජලාශයේ ඉවුරු ආසන්න ප්රදේශයන් තුළ දක්නට තිබු බවද ඔවුහු සඳහන් කරති.
ජලාශයේ ජලයට තෙල් මිශ්රවීම නිසා ජලාශයේ පාසි වර්ගයක්ද විශාල වශයෙන් ගැලැවී ගොස් ජලාශය මැදට හා ඉවුරු ආසන්නයට ගසා ගෙන පැමිණ තිබෙනු දක්නට ලැබුණු බවද නගර වැසියෝ පවසති.
ඉහළ කොත්මලා ජලාශයට ප්රධාන වශයෙන් ජලය ලැබෙනුයේ නානුඔය හා අග්රාඔය නැමැති ඔයවල් වලින් බවත්, එම ඔයවල්වල ජලයට මිශ්රව මෙසේ ජලාශයට තෙල් මුසුව ඇති බවට සැක කළ හැකි බව උඩරට පරිසර සංගම් පෙන්වා දෙයි.
මේ අයුරින් ජලාශයේ ජලය අපවිත්රවීම නිසා ජලජ ජීවීන්ට, ජලජ ශාකයන්ට මෙන්ම ජලාශයේ සුන්දරත්වයටද තර්ජනයක් එල්ලවිය හැකි බව එම සංගම් වැඩිදුරටත් සඳහන් කරති.
ශාන් හුලංනුගේ