රජයක් වශයෙන් සියලුම ආගමික ස්ථාන වලට ඉදිරියේදි විදුලිය නොමිලයේ ලබාදීමට කටයුතු කරන බව විදුලිබල ,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කතරගම, බෝධිරාජාරාමය විදුලි බිලෙන් නිදහස් කරදීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
"අපි ජනතා නියෝජිතයෝ වශයෙන් පත්වෙලා සිටින්නේ ජනතාවට උදවු කරන්න මිසක් අපේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න නොවෙයි. අබෞද්ධයෙක් වුවත්, බෞද්ධාගම වෙනුවෙන් කැපවෙලා කටයුතු කරන්න මම බැදිලා ඉන්නවා. අපි කැපවෙලා සිටිනවා බෞද්ධ ධර්මය රට පුරා ප්‍රචලිත කරන්න. අපි මේ පුංචි ලංකාව ආදර්ශමත් රටක් බවට පත්කළ යුතුයි.
අද අපේ ජනතාව කෘත්‍රිමව තමයි ආගම අදහන්නේ. අද බහුතරයක් රූපවාහිනියෙන් තමයි බෞද්ධ ජීවිත ගත කරන්න හදන්නේ. මේ තත්ත්වය වෙනස් කරලා, ප්‍රායෝගිකව ආගමික ජීවිතයකට එළඹෙන්න පුළුවන් නම්, රටේ සහජීවනය තහවුරු කරගෙන, ජනතාව තුළ තිබෙන අසහනකාරී තත්ත්වයන් නැති කරන්න පුළුවන්. බෞද්ධ රටක් වුවත්, කතෝලික, හින්දු, මුස්ලිම් යන පිරිස් වලටත් එකට ජීවත් වෙන්න බැරිද?
අද වෙලා තියෙන්නේ රජයේ නිලධාරීන් ගන්න තීන්දු, තීරණ නිසා අපි අසරණ වෙනවා. අපි ඇමතිවරු වශයෙන් යම් දෙයක් කරන්න තීන්දු කළත්, රජයේ නිලධාරීන් ඒ වෙනුවෙන් ගන්නා තීරණ නිසා අදාළ කාර්යයන් ඉටු කිරීමට පමා වෙනවා. ඔවුන් තුළ තිබෙන්නේ වෙනම අධිෂ්ඨානයක්. මේ තත්ත්වය වෙනස් කරන එක ලෙහෙසි නැහැ. නමුත් අපි ඒ තත්ත්වයන් නිවැරදි කරගෙන ඉදිරියට යනවා. අපි යම් දෙයක් සම්බන්ධයෙන් ඉලක්කයක් ගත්තොත්, ජනතාව වෙනුවෙන් කුමන බාධක මධ්‍යයේ වුවත් ඒ ඉලක්කය සපුරා ගැනීම සාක්ශාත් කර ගන්නවා. ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ රටේ සියලු ආගමික ස්ථාන වල විදුලිය අවශ්‍යතා වෙනුවෙන් මිලියන 898 ක මුදලක් වැය කරනවා.
මේ ආකාරයෙන් රටේ ආගමික ස්ථානවල විදුලිය වෙනුවෙන් වන වියදම්, පුනර්ජනනීය බලශක්තිය තුළින් අවම කිරීමට හෝ නැති කිරීමට අපි කටයුත කරගෙන යනවා. තවත් මාස 02ක්, 03 ක් වැනි කාලයක් තුළදී අපට ඒ තත්ත්වයට ළගාවිය හැකියි. ඒ වෙද්දි අපිට රජයක් වශයෙන් සියලුම ආගමික ස්ථාන වලට විදුලිය නොමිලයේ ලබාදීමට හැකිවේයැයි බලාපොරොත්තු වෙනවා". යැයි පැවසීය.
කෂිනි හපුආරච්චි