දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී (16දා සිට) විශේෂයෙන් නිරත දිග කොටසේ පවතිනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින් විට වැසි ඇතිය හැකි බවද අද පෙරවරුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
දිවයිනේ සෙසු ප්රදේශවලද සවස 2න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලටත් මිලි මිටර් 100ක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටීර 50ට වැඩි තරමක තද වර්ෂාපතනයනක්ද අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.