ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන ප්‍රතිපත්තියක් මත පදනම්ව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
රටේ සම්පත් සහ ආර්ථික මර්මස්ථාන විදේශයන් සතු කිරීම වෙනුවට දේශීය ව්‍යවසායකයා ශක්තිමත් කරන “ජාතික ආර්ථිකයක්”අනාගතයට උරුම කරදීම රජයේ ප්‍රතිපත්තිය බවද ජනාධිපතිතුමා කියා සිටි.
ජීවන වියදම පිළිබඳ බොරු පොරොන්දු දීමට වඩා වැදගත් වන්නේ කොවිඩ් වසංගතයත් සමග ඇතිවූ කටුක යතාර්ථය තේරුම්ගෙන ජනතාව ශක්තිමත්ව නගා සිටුවීම බව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (02) හම්බන්තොට දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා මේ බව පැවසීය.