වත්මන් ආණ්ඩුවෙන් විය යුතු සේවය රටට සිද්ධ වෙනවද කියන එක වසර හතර හමාරක් තිස්සේ බලාගෙන ඉන්න බවත් ජනතාවට අවශ්‍ය කරන ජනතාවාදී වැඩපිළිවෙළක් මේ අයට නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.
අද (18) කොළඹ පැවති පොදුජන පෙරමුණ රැස්විමට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
“ආණ්ඩුව යන ගමන් මාර්ගය වැරදි නිසා එය විවේචනය කිරීම වලක්වන්න කවුරුන් හෝ යොදා කුමක් හෝ කතාවක් රට තුළ නිර්මාණය කිරීම මේ වසර හතරෙම දකින්නට ලැබෙනවා. චිත්‍රපටියක් උනත් නිකන් ගලාගෙන යනකොට වැඩක් නැහැ. එහෙම වුනොත් නිදිමත ගතිය එනවා. ඒ නිසා නිදිමත ගතිය නැති කරගන්න කොමඩි එකතු කරන්න වෙනවා. මේ ආණ්ඩුවත් ඒ වගේ කොමඩි පෙන්නන්න රන්ජන් රාමනායක කියලා කෙනෙක්ව පාර්ලිමේන්තුවට ගෙනත් තියෙනවා. ආණ්ඩුව යන ගමන් මාර්ගයේ දෝෂ මතු වෙන විට කොමඩි ඒක දාන්න තමයි රන්ජන් රාමනායක ඉන්නේ.
සමාජ සේවා ඇමැති කාලය කාලේ දිවුලපිටියට ඇවිත් එතුමා කියනවා මම සමාජ සේවය කළේ කාන්තාවන් වෙනුවෙන්. මම මගෙන් ඉටුවිය යුතු සේවය ඉටුකරන්නේ හරිම කැමැත්තෙන් කියලා. මේක එතුමාගේ මානසිකත්වය. එතුමා ක්‍රියාකාරීව ගම්පහ දිස්ත්‍රික්කයේ කටයුතු කරානම් එතුමාව ඇමැති ධූරයෙන් ඉවත් කරන්න අගමැතිවරයා පියවර ගන්නේ නැහැ. අගමැතිවරයාගේ කාර්යය හරියාකාරව කරගන්න පුළුවන් පුද්ගලයා විදියට දිවුලපිටියට පැත්තට රාමනායකව හරියන් නැහැ. බටහිර පන්නෙට වැඩ කරන මැති ඇමතිවරුන්ට දිවුලපිටියෙ ඉන්න දෙන්නෙ නෑ. විනිසුරන් දුෂිතයි කිවුවා. වෙන පුද්ගලයෙක් විනිසුරන්ට මේ විදියට චෝදනා කළා නම් අද වෙනකොට සිරදඬුවම් විදලා. නමුත් මේ පුද්ගලයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ පුද්ගලයාගෙන් කරගන්න තවත් කටයුතු තියන නිසා වෙන්න ඇති ආණ්ඩුවට හෝ ඇමරිකාවට උවමනාව තියෙන්නෙ මේ වගේ අය තියාගන්න.
අදටත් උපදේශකවරයෙක් විදියට විදේශ කටයුතු ලේකම්වරයා පාර්ලිමේන්තුවේ තියාගෙන ඉන්නවා. රන්ජන් වගේ අය ලව්වා මොනා හෝ මතයක් එළියට දානවා දාලා තමන්ගෙ වැඬේ කරගන්නවා. රන්ජන් රාමනායක කිව්වා කැබිනට් මණ්ඩලයේ කොකේන් ගහන අය ඉන්නව කියල. මගේ අතට අහුවුනා කිව්වා. අපිට හිතෙන්නේ කථානායක අගමැති හැම කෙනෙක්ම කොනේ ගහන අය කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ම පාර්ලිමේන්තුව ඇතුළේ කොකේන් ගහන අය ඉන්නවා කියනවා. ජනතාව පත් කරන අය වරදාන වරප්‍රසාද ලබමින් මත්ද්‍රව්‍ය භාවිත කරල මනෝලෝක ඉඳලා කටයුතු කරන අය කියන්න ජනතාව කැමැති නැහැ. ඒ නිසා ජනතාව කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම එපා කියලයි.
කතානායකවරයා මේ ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිම සාධාරණත්වයක් කරලා නැහැ. මේ රජයට සම්බන්ධ අය කරන ප්‍රකාශවලින් රාජිත සේනාරත්න මංගල සමරවීර වගේ අය ගන්නතීන්දුවක් ගන්න පුළුවන්. රට යන ගමන් මාර්ගය ගැන හාමුදුරුවරු කාදිනල් වරයා වගේ පූජක පක්ෂය අද වෙනකොට දැඩි විවේචනයක් කරනවා. එවැනි විවේචනයක් කරන අවස්ථාවකයි රන්ජන් රාමනායක මේ වගේ ප්‍රකාශයක් කරන්නෙ. එදා රජවරුන්ටත් ස්වාමීන් වහන්සේලා අනුශාසනා කළා. ස්වාමීන් වහන්සේට දණ නමස්කාර කරලා පසඟ පිහිටුවලා වැඳලා ඒ දෙන උපදෙස් ක්‍රියාත්මක කිරීම අපේ ශිෂ්ටාචාරයෙන් පැවතෙන දෙයක්. පන්සලකට පල්ලියකට නොගිය උදවියට මේවා මැජික් වෙන්න පුළුවන්
නමුත් මේක රටේ සංස්කෘතිය. රටේ ජාතික බලවේග ක්‍රියාත්මක වන ආකාරයට අනුවයි මේ වගේ ප්‍රකාශ කරන්නේ. රංජන්ගේ උගත්කම දැන් ප්‍රසිද්ධ කරගෙන යනවා. රන්ජන් ගේ ක්‍රියා කලාපය ගැන කවුරුත් දන්නවා. රංජන්ගේ කටින්ම මේ වචන ටික එළියට ආවා. මේක වෙන කෙනෙකුගේ නිර්මාණයක්. වහින වෙලාවට යකඩ කෑල්ල එළියට දානවා වගේ මාවත් එළියට දාන බව රන්ජන් රාමනායක කියලා තියෙනවා. අපි එතුමාට කියන්නේ තව තවත් මන්ත්‍රීධූරය හෑල්ලූ කරන්න එපා කියලයි. මේ වෙන කොට ආණ්ඩුව විකට රංගන නවතා දැමිය යුතුයි. බෞද්ධයා සහ කතෝලික අතර කිසියම් සංහිඳියාවක් පාස්කු සිද්ධියෙන් පස්සේ ඇතිවෙලා තියෙනවා.
පාර්ලිමේන්තුවට අපි ගෙනත් තියෙන කිසිදු යෝජනාවක් මේ ආණ්ඩුව මායිම් කරන්නේ නැහැ.ඒවායේ ආදීනව තමයි මේ එන්නේ. එදා අපි ජාතික ආරක්ෂාව ගැන කතා කරනකොට මේ අය කිව්වේ බිල්ලෝ මවන්න එපා කියලා. එදා අපි සිංගප්පූරු ගිවිසුම ගැන කතා කලා. කටුනායක බියගම ආයෝජන කලාප වලට මේ වෙනකොට කන්ටේනර් 150ක් විතර ඇවිත්. මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බන්තොට වරාය හදලා මෝටර් රට ප්‍රති අපනයනය කළා.
දැන් කරන්නේ මොකක්ද. වෙනත් රටවල තියෙන රසායනික අපද්‍රව්‍ය ආදී කැලි කසල ගෙනත් අපේ පුංචි රටේ පුරවන එකයි. මෝටර් රථ ප්‍රතිඅපනයනය කරපු අපි කැළි කසළ ප්‍රමාණය කරන තැනට වැටෙනවා. මේ නිසයි අපි සිංගප්පූරු ගිවිසුම් ගැන ගැන කතා කරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවත් එක්ක දිග ආපු අයටත් තාම අමාරුයි මේවට විරුද්ධ වෙන්න” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි