මෙවර මහමැතිවරණයට සමගි ජනබලවේගයෙන් තරග වැදිමට නියමිතව සිටි අශෝක වඩිගමංගාව මහතා අද (5) සිදුවූ රිය අනතුරකින් මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
පුත්තලම, කුරුණෑගල මාර්ගයේ පාදෙණිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් ඔහු මේසේ මිය ගොස් තිබේ.
ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කළ ඒ මහතා මිය යනවිට 65 වියේ පසුවිය.
ඔහු පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ආසනය නියෝජනය කළ අතර වයඹ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ද වේ.
ආර්. ප්‍රේමදාස රජය සමයේදී ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ ඒ මහතා පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේදී වයඹ පළාත් සභාවේ සෞඛ්‍ය දේශීය වෛද්‍ය හා වනිතා කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
ඔහු ගමන් ගත් වාහනය ලොරි රථයක ගැටීමෙන් අනතුරුව බරපතල තුවාල ලැබූ ඒ මහතා පාදෙණිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාරියපොළ පොලීසිය පවසයි.
හිරාන් ප්‍රියංකර/ගීතාංජලී ප්‍රියදර්ශනී