දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මෝටර් රථයක ජනේල විවෘත කර ශරීරය පිටතට දමා තරුණයන් පිරිසක් ගමන් ගත් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී ගැලනිගම රථ වාහන පොලීසිය කියයි.
එම මෝටර් රථය ද පොලිස් භාරයට ගැනිණි. එම මෝටර් රථයේ මුල් හිමිකරු වන මහනුවර පේරාදෙණිය පාර පදිංචි පුද්ගලයාගේ හා වර්තමාන හිමිකරුගෙන් ද ප්‍රකාශ ලබා ගත් බව පොලිස් නිළධාරියෙකු පැවසීය.
තරුණයන් සිව් දෙනකු අධිවේගී මාර්ගයේ මෝටර් රථයක ජනේලය මත ඉඳගෙන ගමන් කරන අයුරු සමාජ ජාල මාධ්‍ය වල ප්‍රචාරය වීමෙන් අනතුරුව පරීක්ෂන මෙහෙයවා සැකකරුවන් හඳුනාගෙන ඔවුන්ට අද දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසියට පැමිණ ලෙස දන්වා තිබූ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අකුරණ ප්‍රදේශයේ වාහන කුලියට ලබා දෙන ස්ථානයකින් තරුණයන් සිව් දෙනා කුලී පදනම මත වාහනය ලබාගෙන විනෝද වීම සඳහා ගාල්ල බලා පැමිණ යළි කඩවත පිවිසුම කරා යමින් සිටියදී ඔහු මෙලෙස වාහනය ජනෙලය මතින් ශරීරය පිටතට දමා ගෙන විනෝද වෙමින් ගමන් කරමින් සිටියදී කිසියම් පුද්ගලයකු ජංගම දුරකථනය වීඩියෝ දර්ශනය කර සමාජ මාධ්‍ය වල ප්‍රචාරය කර තිබිණි.
පොලිසියේ දැනුම්දීම පරිදි ඉදිරිපත් නොවූ තරුනයන් අකුරණ සහ උඩතලවින්න ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය. පොලිසියේ දැනුම්දීම පරිදි නො පැමිණි තරුණයන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් පදිංචි ප්‍රදේශ වල පොලිස් වලට දැනුම් දෙන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.