කොළඹ නගාරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ස්වාමි පුරුෂයා වන අතුල සේනානායක මහතා හදිසියේ ඇතිවූ හෘද්‍යාබාධයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අද සවස (09දා) අභාවප්‍රාප්ත විය.
මෙරට සිටි 18 වැනි පොලිස්පතිවරයා වන ස්ටැන්ලි සේනානායක මහතාගේ පුත්‍රයා වන ඒ මහතා මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ අතර, තිදරු පියෙකු විය. මිය යනවිට ඒ මහතා 64 වැනි වියෙහි පසුවිය.
දේහය හෙට (10දා) කොළඹ 07, සර් මාකස් ප්‍රනාන්දු මාවත, අංක 18 පිහිටි නගරාධිපති නිල නිවසේ තැන්පත් කර තැබීමට නියමිතය.
ප්‍රියාන් ශමික