Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
රිදියගම ජාතික සත්වෝද්‍යානයේ ඉසිර නැමැති ඇත්පැටවා නීති විරෝධී අයුරින් දේශපාලන බලපෑම් මත පුද්ගලික භාරයට පත්කිරීමේ සූදානමක් ඇති බව පාහියංගල ආනන්ද සාගර හිමියෝ ප්‍රකාශ කරති.
උන්වහන් සඳහන් කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාවක් අනුව මෙම ඇත්පැටවා පුද්ගලික භාරයට පත්කිරීමේ සූදානමක් ඇති බවයි.
එයට විරෝධය දක්වමින් උන්වහන්සේ අරලිය ගහ මන්දිරයට ලිපියක්ද භාරදීමට කටයුතු කළහ.
“ රීදියගම සත්වෝද්යානයෙ ඉන්නවා ඉසිර කියලා ඇත් පැටවෙක්. ඉතාමත්ම පුංචි අලි පැටියෙක්. මේ අලි පැටියා මේ වෙනකොට අගමැතිවරයාගේ අපල දුරුවෙන්න ජනාධිපතිවරණයට අභිෂේක ලබන්න කතරගම දේවාලෙට පූජා කරන්න ලෑස්තිවෙලා ඉන්නවා.
ඔබතුමන්ලාගේ දේශපාලනයට මේ අහිංසක කිරිබොන, තාම අම්මා ළඟ වැඩෙන තාම හුරතලයට දුව පනින, නිදහසේ ඉන්න මේ සතාව හිරකර ගන්නවා දම්වැල් දාලා මේක සාපරාධී වැඩක්”
මේ අතර අරුණ ලක්සිර උණවටුන නමින් හඳුන්වන නීතිඥවරයෙකුද පෞද්ගලිකව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකරමින් පවසන්නේ ඉසිර අලි පැටවා නීතිවිරෝධී ලෙස පුද්ගලික භාරයට යොමුකිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් එය වැළැක්වීම වෙනුවෙන් පියවර ගන්නා ලෙසයි.
popular news
gunarathna hettiarachchi Sunday, 14 July 2019 05:58 PM
පාහියන්ගල කියලා අද ඊයේ වීරයෙක් වූ, සාදු කෙනෙක් "කිරිබොන වයසේ පසුවන ඇත් පැටවෙකු අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික භාරයට පත්කිරීමට උත්සහ දරනවා" කියලා නාඩගමක් "පැත්ත ගියත් ඇත්ත" කියන තැනකින් කියලා විකාශනය කළා .අනේ මෙහෙමත් පිස්සෝ .මේ සාදු සමග කොට සහ දිග ජංගි ගහ ගත්ත කාන්තාවෝ කිහිපදෙනෙක් හිටියා .පශ්චාත් උපාධි ගැනත් කිව්වා.මෙතන තියෙන්නේඋගත් නුගත් බව නොව කාට හෝ කඩේ යාමකි. විශ්වාස බංගේ ගෙන ආ පක්ෂයේ විද්‍යුත් මාධ්යයකිනුත් මේ කථාව සන්නිවේදනය කිරීමෙන් පෙනියනවා.අනික තමයි පුරාණ ලංකා ඉතිහාසයේ "පාහියන්" නම් දේශාන්තර භික්ෂුව ගේ නමට ද කැළලකි මේ සාදු උන්නාන්සේ තුවක්කුවක් වෙඩිතියන්න ඉල්ලීම .වෙඩි තියන සංස්කෘතියක් 71,89,කාල වලදී අපි දැක්කා .අම්මෝ මතක් වෙන කොටත් ඇග හිරිවැටෙනවා. අගමැති නිල නිවසට ගිය ඒ සාදු උන්නන්සේගෙන් මම දන්නේ නැති නිසා අහන්නේ රජයට බදු මේ වෙනකොට කියක් විතර ගෙවලා තියනවද?ආපහු දෙන්න අහන්නේ.ඉස්සර රජ්ජුරුවන්ට තිබුණ "ඇත් උණ "මේ අගමැති ට නැහැ.අගමැති ගේ ආත්තම්මා ගොඩ නැංවූ පන්සලේඇතෙක් කිරිබොන වයසේ පසුනොවන ඉන්න බව දැනගන්න. අගමැති ගේ පක්ෂයේ ලාංචනයටඅගරු නොකරන්න පින් සිද්ධ වෙයි. හිතු මතයට නිගරු කරන්න එපෝ
Reply : 1 0
Kumar Sunday, 14 July 2019 07:26 PM
රාජපක්ෂ්ලත් වික්රමසිංහලත් ලංකාවේ ඉන්නන නිදැල්ලේ හැසිරෙන වනජීවින් ගණන්ගන්නේ ඒ අයගේ පුද්ගලික දේපොළ හැටියටයි. අනාගතයේ එම අලිපැටව දම්වැල් වලින් ගසකට බැඳ තිබෙන ආකාරය දකින්න ලැබෙයි. දවසකට වතාවක් හිරේ දමල ඉන්න අතට පලතුරු නම් ලැබෙයි. අගමැතිතුමාගේ ග්‍රහ අපල දුරුවුනට අර අලිපටවට ලැබෙන්නෙ මුලුජීවිතයටම බලපාන අපලයක් වගෙයි.
Reply : 0 0
Champa Monday, 15 July 2019 01:45 AM
මොනව? 2015 පන්සල් වල අලි තිය ගත්ත කියල නඩු දාපු මිනිහ බාරෙකට අලි පැටවෙක් පූජා කරන්න යනවා? ඊට පස්සේ කිව්වා පන්සල් වලට ලක්ෂ 10ක් ගෙවල පින්නවලින් අලි ගන්න කියල පෙරහරට. මිනිස්සු කෑගහපු නිසා ඕනේ විදිහට වැඩේ වුනේ නැහැ. මව් ඇතින්නගෙන් අලි පැටව වෙන් කරපු ගමන් එතනම පව්කාරකමක්. අනිත් එක, එක එක දේශපාලකයෝ කොහොමද අලි පැටව් තමන්ගේ පෞද්ගලික වැඩ වලට පාවිච්චි කරන්නේ? මං දැන් දැක්කේ කොයි දෙයියන්ටද කියල. වේලාසනම කියන්නම් ඔය වැඩේ හරියන්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම් මං දන්න කතරගම දෙවියෝ කිසි දවසක අත් වල ලේ තැවරිච්ච මිනිහෙක්ට රටේ නායකයා වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම කවුරුම හරි වෙන්නම තියෙනවා නම් ඒක වලක්වන්න ඒකට විරුද්ධව විකල්පයකුත් හදල ඇති. දැන් තිරුපති ගියාට හරි යන්න නැතුව ඇති රනිල්ට. ලංකාවේ ඊළඟ නායකයා වෙන්න ඕනේ දෙයියන්ට බාර වෙන මිනිහෙක් නෙමෙයි දෙයියන්ටත් ඕඩර්ස් දෙන්න පුළුවන් මිනිහෙක්. ඒ කතාව නිකම් කටට ආවට කිව්වේ. අර එක බාරයක් වෙලා තියෙනව පළාත් නාමයේ චෛත්‍ය 9ක් හදනව කියල. එකක්වත් හැදුවේ නැහැ. ඒකට නම් කතරගම දෙයියන්ට මළ පැනල ඇත්තේ. ඒ හින්ද රාජපක්ෂ කෙනෙක් ආයේ ජනාධිපති වෙන්නේ නම් නැහැ. ඉර හඳ වගේ විශ්වාසයි ඒක නම්.
Reply : 0 0
චමින්ද Monday, 15 July 2019 07:11 AM
බුදු හිමියන් ජීවමානව වැඩවිසූ සමයේ අශ්වමේද වැනි බිලිපූජා පැවති අතර වර්තමානයේ උතුරුකරයේ කෝවිල් ආශ්‍රිතවද බිලිපූජා පවත්වන බව පසුගිය කාලයේ ප්‍රචාරය වුනා.බුදු හිමියන් දේ්ශනාකලේ තමා උපමා කරගෙන අනුන්ටත් සතුන්ටත් හානි හෝ හිංසා නොකරන ලෙසය.ඉතින් නිසි පරිදි බුදුදහම අදහන කෙනෙක්නම් තමා වෙනුවෙන් සතෙකු හිංසාවට පත් නොකරනු ඇත.මම නම් විශ්වාස කරන්නේ එවැනිදේ කලොත් පවතින අපල තවත් වැඩිවේවි කියලයි (පව්කරන්නෝ එලොවත් මෙලොවත් තැවෙයි)
Reply : 0 0
අප්පුහාමි Monday, 15 July 2019 07:19 AM
එක් ජාතක කතාවකින් කියවෙනවා තමාගේ මව අසනීපවූ අවස්ථාවක වෛද්‍යවරයා නියම කරනවා මවට හාමස් ආහාරයට දෙන්න කියල.පුතා හාවෙකු මැරීමට කැලයට යනවා.හාවන්ගේ සුරතල් දැකල පුතාගේ හිතට අනුකම්පාවක් ඇතිවෙනවා.ඒ අනුව පුතා සිතනවා මවට සුව නොවුනත් හාවා මරන්නේ නැහැ කියල.පුතා නිවසට යන්නේ ඒබව මවට කියන්න.නමුත් නිවසට යන පුතා දකිනනේ සුවවී තමා ඉදිරියට එන මව.ඉන් පේනවා බොරු මනස්ගාත නොකර සත්ව හිංසාවෙන් වැලකුනොත් අපල උපද්‍රවයන් වලකින බව...
Reply : 0 1
Kumar Monday, 15 July 2019 11:02 PM
මත්මයාගේ කතාව අර හඳේ හාවා ඇන්ද කතාව නොවේ නේද. හඳේ හාවාගෙ කතාවට කුඩා කලේ මමත් රැවටුනානේ. දැන් තිබෙන්නේ ජාතක කතා 549ද.
Reply : 0 0
අප්පුහාමි Wednesday, 17 July 2019 07:16 AM
කථාව මොකක්ද කියල මගෙන්ම අහන්නේ නැතිව කියවා බලා තේරුම්ගන්න.
0 0
kapila Monday, 15 July 2019 01:28 PM
අගමැතිතුමාට අපල වෙන්න පුළුවන්. එත් ඊට වඩා බරපතල කාරණයක් තියෙනවා. වක තමයි අගමැතිතුමා නිසා රටට අපලයි. අපට වැදගත් අගමැතිතුමාද රටද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd