අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා දින තුනක සංචාරයක් සඳහා අද (12) දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය .
එතුමා සමඟ තවත් දෙදෙනෙකු මෙම සංචාරය සඳහා එක් වී සිටි අතර , ඔවුන් අද දහවල් 12.15 ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ .
මෙම පිරිස 14 වන දින ආපසු ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය .