මෙවර මැතිවරණයේදී අංශ කිහිපයක් අසාර්ථක වූ බවත් මාධ්‍ය ඒ අතරින් ප්‍රධාන බවත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.
“ පෝස්ටර්වලට එරෙහි යුද්ධය ඉදිරියටත් පවත්වාගෙන යෑමට කටයුතු කරනු ඇතැයි විශ්වාස කරමු. මේ ඡන්ද විමසීමෙදී අප අංශ කිහිපයකින් අසාර්ථකවුණා. ඉන් ප්‍රධාන කරුණ වන්නේ පෞද්ගලික හා රාජ්‍ය මාධ්‍ය හැසිරිම පාලනය කිරීමට නොහැකි වීමයි.
ඒ සඳහා නීති අප සතුව නෑ. පෞද්ගලික මාධ්‍ය රජය සතු සංඛ්‍යාත භාවිත කරමින් ජන මනස වෙනස් කිරීමට කටයුතු කළා. පෞද්ගිලික මාධ්‍ය මෙන්ම රාජ්‍ය මාධ්‍යයත් ඒ දේ කළා.
ඡන්ද විමසීමේදී යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව හෝ පොලීසිය ඡන්ද නීති කඩ කළේ නෑ. බහුතරයක් රාජ්‍ය නිලධාරීන් දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත නොවුණද ඇතැම් මාණ්ඩලික නිලධාරීන් එසේ සිදුකිරීම ඉතා කණගාටුදායකය.
එම නිලධාරීන්ට එරෙහිව ආයතන සංග්‍රහයේ හා කොමිෂන් සභාවේ විධි විධාන අනුව කටයුතු කරනු ලැබේ. මෙම ඡන්ද විමසීම වෙනත් ඡන්ද විමසීම්වලට වඩා ආගමික පූජකයන්ගේ දායකත්වය කැපී පෙනුණි.
ඕනෑම ආගමික පූජ්‍ය පූජක උතුමන්වහන්සේලාට දේශපාලන කටයුත්තක නිරත වීමට බාධාවක් නැත. උන්වහන්සේලාටත් දේශපාලන අයිතිවාසිකම් තිබේ. ස්වකීය ආගමික සිද්ධස්ථාන තුළ දේශපාලන රැස්වීම් පැවැත්වීම හෝ ආගමික ස්ථාවල දේශපාලන කථා සිදුකිරීම නීතයෙන් අවසර නැත."