ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.ඒ.ඒ. සරත්කුමාර මහතා ට ජාතික පොලිස් කොමිසම විසින් මේ මස 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය පරිනමමින් උසස්වීමක් ලබාදී ඇත .
උප පොලිස් පරික්ෂකවරයෙක් ලෙස 1979 ජනවාරි 15 වැනිදා පොලිස් සේවට බැදී ඇති සරත්කුමාර මහතා 1987 වසරේදි පොලිස් පරික්ෂක ධුරයටත් , 1992 වසරේදි ප්‍රධාන පොලිස් පරික්ෂක ධුරයටත් , 1994 දි සහකාර පොලිස් අධිකාරි ධුරයටත් , 2000 දි පොලිස් අධිකාර ධුරයටත් , 2005 දි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර ධුරටයත් 2012 දි නියෝජ්‍ය පොලිස්පති ධුරයටත් උසස්වීම ලබාඇත .
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක් වන සරත්කුමාර මහතා එම පාසැලේ වයස අවුරුද 19න් පහළ ක්‍රිකට් ,හොකි හා පාපන්දු , කණ්ඩයාම් වල විශිෂ්ඨ දසක්ම දැක්වු ක්‍රීඩකයෙකි .ලොන්ඩන් පෙදෙස CR&FC ක්‍රීඩා සමාජ හොකි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්ද වෙයි.