මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හා සෝපා ගිවිසුම අහෝසි කරගැනීමට මහ පාරට පැමිණෙන බවට විපක්ෂ නායකවරයා අද සඳහන් කළත් මෙම ගිවිසුම පිළිබඳව කටයුතු කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව විසින් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
එම කාලයේදී මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතා නොකළ බවත් මෙම ගිවිසුම අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බවද එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මෙම ගිවිසුම් වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බවත් පසුගිය ආණ්ඩු සමයේදී ගෙන ආ මෙම ගිවිසුම අහෝසි කිරීමට යම්කාලයක් ගතවන බවද කියා සිටියේය.
මේවා අහෝසි කිරීම පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා කතා කිරීමට තිබුණේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී බවත් එසේ නොකර දැක්වීම නොගැළපෙන බවද අද (22 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.