අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර සමග පරීක්ෂණ මෙහෙය වූ ප්රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා ඊයේ (24දා) සිය පවුල සමග ස්විට්සර්ලන්තය බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියේය.
මෙම ප්රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් ශානි අබේසේකර මහතාගේ උපදෙස් මත බුද්ධි අංශ නිලධාරීන්ට, ආරක්ෂක අංශ නිලධාරීන්ට, රාජ්ය නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට එරෙහිව පරීක්ෂණ පැවැත් වූ බවට අනාවරණය වී තිබේ.
රටේ ඇති වී තිබෙන නව දේශපාලන වාතාවරණය නිසා මොහු මෙසේ සිය පවුල සමග විදෙස් ගත වී ඇතැයිද වාර්තාවෙයි.