2015 සිට 2019 දක්වා වූ වසර පහක කාලය තුළ අමාත්‍යාංශ හා ඇමතිවරු මාරු කළ වාර ගණන 33ක් බව Manthri.lk වෙබ් අඩවිය පෙන්වා දෙයි.
2010 වසරේ සිට 2014 වසර දක්වා අමාත්‍යාංශ හා ඇමතිවරුවාරු කළ වාර ගණන 10ක් බවද එම වෙබ් අඩවිය සඳහන් කරයි.
මෙම වාර්තා ඉදිරිපත් කරමින් ඔවුන් ප්‍රශ්ණ කරන්නේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතායට මෙසේ අමාත්‍යාංශ හා ඇමතිවරු වෙනස් කිරීම බාධාවක් නොවන්නේද යනුවෙනි.
එසේම මේ පිළිබඳව අදහස් දක්වන විශ්ලේෂකයන් පවසන්නේ මේ ආකාරයට අමාත්‍යාංශ හා අමාත්‍යවරු මාරු කිරීමෙන් ප්‍රතිපත්ති වෙනස් වීම මගින් රටක සංවර්ධනයට දැඩි බාධාවක් එල්ල වන බවයි.