saravita-anim2

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2024 මාර්තු මස 29 වන සිකුරාදා

Latest News - timelapse 15 hours ago

LATEST

අප්‍රේල් 10න් පසු වැරදිකලොත් රියඳුරන්ට වැඩ වරදියි

calendar_today 2024 මාර් 25 - 13:24 remove_red_eye - 453  

අකුසලතා ලකුණු ලබා දීම ආරම්භ කරන තෙක් අප්‍රේල් 10 වනදා සිට මාර්ග නීති උල්ලංඝණයකදී දඩ මුදල් ගෙවීම් සිදු කරන තැපැල් කාර්යාල මඟින් වරදේ ස්වභාවය, අදාළ පොලිස් ස්ථානය, රියදුරු බලපත්‍රයේ විස්තර සහ දුරකතන අංකය යන තොරතුරු මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ දත්ත පද්ධතියට යොමු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අ

ඩොලරයේ අගය කඩා වැටෙන්නේ ආණ්ඩුව මෙරට ආර්ථිකය සවිමත් කරන නිසා නොව මෙරට ආර්ථිකය හැකිලෙමින් තිබෙන නිසා බවත් මෙය අහිතකර තත්වයක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කරසිටියේ අද දින (2024.03.25) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

Read More

මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (25) පෙරවරු 10.45 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

Read More

යැංසි ගංගාවේ දස වසරක මත්ස්‍ය තහනමක් ක්‍රියාවට නැංවීමට අදාළ ව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ. මෙය යැංසි ගංගා ආර්ථික තීරයේ උසස් ගුණාත්මක සංවර්ධනය සහතික කිරීමේ ප්‍රධාන පියවරක් බව චීන රාජ්‍ය මණ්ඩල ප්‍රධාන කාර්යාලය කියයි.

Read More

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පස් දින නිල සංචාරයක් සඳහා චීනය බලා ඊයේ (24දා) රාත්‍රී පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

පාස්කුදා ශ්‍රි ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සිදුකළ පුද්ගලයන් කවුදැයි තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ගැනීමට කටයුතු කර තිබේ.

Read More

මෙරට ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක් තුළින් පමණක් බවත්, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳී පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මෙරට රියදුරු බලපත්‍රය අවශ්‍ය විදේශිකයන්ට අප්‍රේල් 15 වනදා සිට ගුවන් තොටුපළේදීම ඒ සඳහා අයදුම් කර, ගුවන් තොටුපොලෙන් පිටතට පැමිණෙන විට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

Read More

දිවයිනේ 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් හා සියයට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු පාසල් ආවරණය වන පරිදි පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා දරුවන්ට

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස්මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් දෙමටගොඩ බේස්ලයින් පාර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

Read More

අපරාධ මර්ධනය කිරීමේ අරමුණින් ගිනි අවි සහ ඒවා ළඟ තබාගන්නන් අත් අඩංගුවට ගැනීමට සාර්ථක තොරතුරු ලබාදෙන්නන්ට අප්‍රේල් 20 දක්වා ක්‍රියාත්මක වන පරිදි වටිනා මුදල් ත්‍යාග ලබාදීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කර ඇත.

Read More

ඉදිරියේ දී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක්ද මහ මැතිවරණයක් ද යන්න තීන්දුව වර්තමාන ජනාධිපතිවරයා සතු බවත් ජනාධිපතිවරයාට වාසිදායකයැයි කියන ඡන්දයත් පැවැත්වීමට හැකි බවද මෙම ප්‍රශ්නයට පිළිතුර දිය යුත්තේ වර්තමාන ජනපතිවරයා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව හා නුවරඑළිය දිස්ත්‍රික්කවත් හෙට දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව පවසයි.

Read More

රුසියාවේ මොස්කව් නුවර රඟහලකට එල්ල වූ අයි.එස්.අයි.එස්. ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 93ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

රුසියාවේ මොස්කව් නුවර ක්‍රොකස් සිටි සාප්පු මධ්‍යස්ථායේදී සිවිල් වැසියන්ගේ ජීවිත හානි හා තුවාල සිදු කරමින් සිදු වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව තරයේ හෙළා දකින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

රුසියාවේ මොස්කව් නගරයේ රංග ශාලාවකට කඩා වැඳුණු ත්‍රස්ත කල්ලියක් විසින් අද (23) අලුයම වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

Read More

ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කට එකම දතක්වත් නැති බවත්, එය විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බවත්, දත් ආරක්ෂා කර ගැනීම, මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම පිළිබදව දැනුවත්කිරීම පෙර පාසලේ සිටම ආරම්භ විය යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ‌ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා කරන විට තරගයේ ‌වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

Read More

මම දන්නවා කවුද කළේ කියලා. අධිකරණය යම් කිසි ඉල්ලීමක් කළොත් නැත්නම් නියෝගයක් කළොත් ඇවිල්ලා මේ ගැන ප්‍රකාශයක් කරන්න. මම දන්නවා මේ පාස්කු ප්‍රහාරය කවුද කළේ කියලා. අනිත කාරණය තමයි ප්‍රධාන වශයෙන්ම එය රහසිගතව තබා ගැනීම විනිසුරුවරුන්ගෙත් වගකීමක් වෙනවා

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පුරා මාස දෙකකට ආසන්න කාලයක් පැවති අධික වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් (22) දින පස්වරුවේ කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත විය.

Read More

දණ්ඩනීති සංග්‍රහයේ 19 පරිච්ඡේදයට ගෙන ඒමට නියමිත සංශෝධන වහා අත්හිටුවන්න - පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලයි.

Read More

හෙට දිනයේදී (2024 .03 .23) දිවයිනේ බොහෝ ප්‍රදේශ සඳහා වැසි ලැබෙනු අතැයි කාලගුණ විද්‍ය දෙපාර්ථමේනතුව දැනුම්දී සිටියි.

Read More

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම් අතර, එයට සමගාමීව සංවිධානාත්මක අපරාධ කරුවන් මර්ධනය කිරීම සඳහා විෂේශ මෙහෙයුමක් 2024.03.19 දින සිට පොලීසිය විසින් ක්‍රියාත්මක කොට ඇත.

Read More

එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර තිබෙන බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය.

Read More

දණ්ඩ නීති සංග්‍රහයේ යෝජිත සංශෝධන මගින් ලිංගික සේවනයේ යෙදිය හැකි ගැහැණු දරුවන්ගේ වයස අවුරුදු 14 දක්වා අඩු කිරීමට හා පිරිමි වරදකරුවෙකුගේ වයස අවුරුදු 22 අඩුනම් දඩුවම් ලිහිලි කිරීම පිළිබද යෝජනාවක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ප්‍රකාශය අධිකරණ අමැතිතුමාගේ විශේෂ අවධානයට යොමු කරන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බව ද අවධාරණය කළේය.

Read More

විදේශගතව සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිංහාරගේ අමල් සාමින්ද සිල්වා නොහොත් රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු වන ’’රත්මලාන රෝසා ’’නමැත්තා’’ ලක්ෂ 10 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

ගාසා තීරයේ කඩිනම් සටන් විරාමයක් ක්‍රියාවට නංවන්නැයි යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.