saravita-anim2

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 6 hours ago

LATEST

“උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට

calendar_today 2024 අප්‍රේ 24 - 17:12 remove_red_eye - 668  

ඉරානය සමඟ වඩා සමීප සබඳතා ඇති කර ගනිමින් ඉදිරියට යාම අරමුණයි- ශ්‍රී ලංකා ජනපති. ශ්‍රී ලංකාව සමඟ මනා හවුල්කාරිත්වයකින් යුතුව ඉදිරියටක් කටයුතු කිරීමට සූදානම්- ඉරාන ජනපති.

යාපනය පුන්කුඩතිව් කන්නකිඅම්මන් හින්දු කෝවිලේ ඊයේ (23) දින පැවති වාර්ෂික තීර්ත දේව මංගල්ලයේදී පැවති වෙන්දේසියක් අතරතුරදී සාරියක් රුපියල් ලක්ෂ 16 ක මුදලකට වෙන්දේසි වූ බව එම කෝවිල් පාලක මණ්ඩලය පැවසීය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්දේසි කිරීමට පුරුද්ද ඇති අය විසින්, එම පුරුද්ද තමන් වෙත ආදේශ කිරීම පිළිබඳව අතිශයින් කණගාටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් පැවසීය.

Read More

කන්තලේ , රජඇල ප්‍රදේශයේදී පාසල් සිසුවියක් වෑන් රථයක හැපී ජීවිතක්ෂයට පත්වීමත් සමඟ පලා ගිය වෑන් රථ රියදුරු විදේශීය රටකට යෑමට උදව් කළ සැකකරුගේ වැඩිමහල් සහෝදරයා ලබන මැයි තුන්වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කන්තලේ මහේස්ත්‍රාත් දිළිඳු සමරසිංහ මහතා පොලිසියට නියම කළේය.

Read More

තලෙයිමන්නාරම් සිට ඉන්දියවේ ධනුෂ්කොඩි අරිචල්මුනෙයි දක්වා වූ මුහුදු සීමාව පිහිණමින් තරණය කිරීමින් සිටි ඉන්දියානුවන් 31 දෙනෙකුගෙන් ඒක් අයෙකු පිහිනමින් සිටියදී ඇති වූ හදීසි රෝගි තත්වයක් හේතුවෙන් මිය ගෙස් ඇතැයි රාමේෂ්වරන් පොලීසිය ඉන්දීය මාධ්‍ය වෙතට පවසා ඇත.

Read More

කොරියාවේ රැකියා වීසා ලබාදෙන බවට පවසමින් පුද්ගලයන්ගේ රුපියල් ලක්ෂ 30කට වැඩි මුදලක් වංචා කිරිමේ සිදුවීමකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීණ නිලි දමිතා අබෙරත්න හා ඇයගේ සැමියා ඇප මත නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (24) ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Read More

ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි මහතා මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය. ඔහු විශේෂ ගුවන් යානයකින් මත්තලට පැමිණි අතර ඔහු පිළිගැනිමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මත්තලට පැමිණ සිටියේය.

Read More

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එන්. ජී. වීරසේන ගමගේ මහතාපාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

Read More

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත්, එබැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ඉරාන අරමුදල් යටතේ ක්‍රියාත්මක වූ උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් වූ උත්සවයට එක්වීම වෙනුවෙන් ඉරාන ජනපති ඊබ්‍රහිම් රසියි මහතා අද දිනයේදි එක්දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read More

වැලිමඩ හා ඌව පරණගම ප්‍රදේශවල තක්කාලි කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 10 ත් 15 ත් අතර මිලක් දක්වා පහත වැටී ඇති බවත් එම මිලට අලෙවි කිරීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවත් තක්කාලි වගාවේ නියුතු ගොවින් පවසති.

Read More

මහා පරිමාණයේ හෙරෝයින් ජාවාරමේ හා අපරාධ කල්ලියක නියුතු පිය පුතූ දෙදෙනකු හෙරෝයින් ග්‍රෑම් 10 ක් හා කඩුවක් , යුධ හමුදා කමාන්ඩෝ නිලඇදුම් කට්ටලයක්ද ඊ‍යේ (23දා) පෝය දින කහතුඩුව ප්‍රදේශයේදී කහතුඩුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

Read More

2024 පළමු කාර්තුව තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉක්මවා යාමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පවමන්නේ මෙරට ප්‍රධාන ආදායම් ලබන ශ්‍රී ලංකා රේගුව, සුරාබදු සහ දේශීය ආදායම් යන දෙපාර්තමේන්තු උපයා ඇති ආදායම රුපියල් බිලියන 834ක් බවයි. එය අපේක්ෂිත ආදායම වූ රුපියල් බිලියන 787ට වඩා 6%ක ආදායම් ඉලක්ක අභිබවා යාමක් බවද අමාත්‍යවරයා පවසයි.

Read More

ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය කියයි

Read More

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණ තිබේ.

Read More

ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක්. නව කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 4500කට සහ පැරණි ඉඩම් හෙක්ටයාර් 1500කට වාරි ජලය. බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට ප්‍රදේශවල පානීය සහ කාර්මික ජල අවශ්‍යතා සැපිරේ.

Read More

පාසල් පෝෂණ වැඩසටහන සඳහා වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් නිකුත් කර ඇත්තේ ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් පත් කළ විද්වත් කමිටුව මඟින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට නිර්දේශ කළ සහල් තොග පමණක් යැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Read More

ජ්‍යොතිෂය වැඩසටහනක් සදහා උදෑසන හතට සහභාගිවීමට නියමිතව තිබූ නිසා අළුයම 5.45 පමණ කොළ කැඳ පානයක් රැගෙන සැමියා නිදා සිටි කාමරයට ගොස් අවදි කළත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව වෛද්‍යවරු පැවසුවේ යැයි ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ බිරිද වන හිනිදුම ලියනගේ චම්පිකා (59) මහත්මිය පැවසුවාය.

Read More

කොරියාවේ රැකියා වීසා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළයි කියන ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යන අයවලුන් භාවිත කරන ලද බැංකු ගිණුම් සම්බන්ධයෙන් අධිකරණයේ අවසරය මත තොරතුරු ලබා ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් බන්ධනාගාරය වෙත ගිය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සඳහන් කරයි.

Read More

වෑ මැඩිල්ල ජලාශය හරහා වයඹ ප්‍රදේශයට ජලය රැගෙන යෑම සඳහා අභිනවයෙන් ඉදිකරන ලද කොන්ක්‍රීට් සහිත වේල්ලකින් දිය නෑම සඳහා ගොස් දියේ ගසාගෙන යමින් සිටි දියණියකගේ සහ පියකුගේ ජීවිතය බේරා ගැනීමට මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතාට පසුගියදා හැකි විය

Read More

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරී කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ අභාවප්‍රපාත්ත වී තිබේ. වෘත්තීමය ඉංජිනේරුවරයෙක් වන ඒ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා වැලිකඩ බන්ධනාගාරය තුළ විවිධ හේතූන් මත පුද්ගලයන් 28 කු මිය ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. එලෙස මියගිය අය අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බව දැනගන්නට ඇත.

Read More

මැලේසියාවේ නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවීමක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටී අනතුරට පත්ව 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

පාතාල ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් පිස්තෝල ගිනි අවියකින් පොලිසිය දෙසට වෙඩි ප්‍රහාර එල්ල කර ත්‍රී රෝද රථයකින් පලායමින් සිටියදී මොරගහහේන මිල්ලෑව හන්දිය පුවක් වත්ත ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මොරගහහේන පොලිසිය කියයි

Read More

මෙම සතියේ පාර්ලිමේන්තුව හෙට (24දා) සිට ලබන 26 වැනිදා දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Read More

දියතලාව Fox Hill සුපර්ක්‍රොස් තරගාවලිය අතරතුර පෙරේදා (21දා) සිදු වූ අනතුර සම්බන්ධයෙන් යුද හමුදාව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බව යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක (අධ්‍යක්‍ෂ ජෙනරාල් ජනමාධ්‍ය හා මනෝ විද්‍යාත්මක මෙහෙයුම්) මේජර් ජෙනරල් රසික කුමාර මහතා සඳහන් කළේය.

Read More

මෙතෙක් වගා නොකළ නමුත් වගා කළ හැකි ඉඩම් වගා කිරීමට කැමති අය සඳහා නිදහස් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.මේ තුළ කිසිසේත්ම ඉඩම් හිමිකම් පැවරීමක් නොවන්නට වග බලාගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

Read More

රට සංවර්ධනය කළ හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මතතා පමණක් බවද,එදා රටේ පැවති අරගලය අවස්ථාවේ දී පාලනය භාරගෙන පැවති අවදානම් සහගත බවින් රට මුදාගන්නට ඔහුට හැකිවූ බවද, ජත්‍යන්තරය පවා ඔහුගේ නායකත්වය පිළිගන්නා බවද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ බියගම සිය කාර්‍යාලයේදී අලුත් අවුරුදු උත්සවය සඳහා පැමිණි ජනතාව අමතමිනි.

Read More

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 පෙබරවාරි මාසයේදී 5.1% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 මාර්තු මාසය සඳහා 2.5%ක් දක්වා අඩුවී ඇත. කෙසේ වෙතත් 2024 පෙබරවාරි මාසයේ දී 5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 මාර්තු මාසයේදී වෙනසක් සිදුව නොමැත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.