saravita-anim2

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

Latest News - timelapse 46 hours ago

LATEST

අනුරාධපුර වැව් දෙකක මළ සිරුරු දෙකක්

calendar_today 2024 අප්‍රේ 09 - 17:44 remove_red_eye - 231  

අනුරාධපුර හිදෝගම දිවුල් වැවේ සහ අනුරාධපුර නුවර අසල තිබී සැකකටයුතු පුද්ගල මළ සිරුරු දෙකක් ඊයේ (8දා) පස්වරුවේදී සොයා ගත් බව පොලිසිය පවසයි.

බුත්තල අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක 11 වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය එම පාසලේ ක්‍රීඩා ගුරුවරයා ඇයට ලිංගික අතවරයක්කිරීම සම්බන්ධයෙන් බුත්තල පොලීසිය මඟින් ඉකුත් (08) වෙනිදා අත්අඩංගුවටගෙන ඇත.

Read More

රාමසාන් උත්සව දිනය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයේ 7350 කට අධික නිලධාරින් පිරිසක් යොදවන බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත දේශීය සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

රට තුළ සීග්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සදහා 04/09 දින කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

නාම යෝජනා බාර ගෙන ආණ්ඩුවේ බලපෑම මත කල් තබා ඇති නගර සභා -පාදේශීය සභා ජන්ද විමසීම පමාද කිරීම ඒකාධිපති කමයට අත වැනීමකි හා නගර සභා -පාදේශීය සභාවල මහජන චන්දයෙන් පත්වූ නියෝජිතයන් නොමැතිව නිලධාරීන් සිදුකරන පාලනය පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි යන දැන්වීම් දෙකක් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා අම්බලන්ගොඩ පෝරඹ සිය නිවසේ තාප්පයේ අද(9) එල්ලුවේය.

Read More

වියපත් කලාකරුවන් මුහුණ දෙන අපහසුතාවලට පිළියම් යොදන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ටවර් හෝල් රඟහල පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන වියපත් කලාකරුවන් සඳහා විශ්‍රාමික ජීවනාධාර ලබාදීමේ වැඩසටහන සඳහා අලුතින් ඉල්ලුම් කර ඇති කලාකරුවන් ඇතුළත් කර ගැනීමත්, ඔවුන්ට අලුත් අවුරුදු ත්‍යාග පිරිනැමීමත් නිමිත්තෙන් (2024.04.08) අරලිය ගහ මන්දිරයේ පැවැති උත්සවයට එක් වෙමිණි.

Read More

මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මැදිහත්ව තිබෙනවා.

Read More

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ CCTV කැමරා වසර 6ක් ගබඩාවක - කඩිනමින් අවශ්‍ය පියවර ගෙන මැයි 15ට පෙර ප්‍රගතිය දැනුම් දෙන ලෙස කෝපා කමිටුවෙන් දැනුම් දෙයි

Read More

බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් කපිල වික්‍රමනායක මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දු ලබන 26 දා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය.

Read More

2024 වසරේ ජනවාරි 01වන දින සිට මාර්තු 31වෙනි දින දක්වා කාලය තුළ බන්ධනාගාර රැඳවියන් 53දෙනකු මිය ගොස් ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.මෙම මරණ සිදුවී ඇත්තේ සියදිවි නසා ගැනීම්, අසනීප තත්ත්වයන්සහ පහරදීම් හේතුවෙන් බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Read More

2024 වර්ෂයේ ගෙවී ගිය මාස 3ක කාලය තුළ ශ්‍රී ලංකාවේ HIV ආසාදනය වූ නව රෝගීන් 695දෙනකු හඳුනාගෙන ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන් අධ්‍යක්ෂ ප්‍රජා සොඛ්‍ය විශේෂඥ ජානකී විදානාරාච්චි මහත්මිය සඳහන් කරයි.එය පසුගිය 2023 වසරට වඩා 14%ක වර්ධනයක් ලෙස වාර්තාවේ.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 59කට කිසිදු අනුමතියකින් තොරව හා කිසිදු පර්යේෂණ වාර්තාවක් නොමැතිව පසුගිය කාලයේ පර්යේෂණ දීමනා ලෙස රුපියල් මිලියන 84ක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

මාධ්‍ය - වැඩබලන සභාපති තනතුරට ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කරගැනීම නීතිවිරෝධියි කියලා දයාසිරි ජයසේකර මහතා කියනවා ? අමාත්‍ය අමරවීර මහතා - කවුද දයාසිරි කියන ඒවා ගණන් ගන්නේ ? දයාසිරි කියන්නේ වහිනකොට අකුණු ගහනකොට එළියට දාන යකඩ කෑල්ලක්. එයා කියන දේවල් අපිට අදාළ නෑ.

Read More

මාස දාහතකට ආසන්න කාලයක් වැඩ තහනමකට ලක් කර සිටි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා අද (08දා) යළි සේවයේ පිහිටුවා තිබේ.

Read More

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අද හිමිවූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

කොල්ලුපිටිය ඇලෝ ඇවිනිව් ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ටවර් ක්‍රේන් යන්ත්‍රයේ බක්කිය කඩා වැටීමෙන් දේපළ රැසකට හානි සිදුවී ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.

Read More

වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 300 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 850 කි. චීන ලොකු ලූනු කිලෝවක් රුපියල් 120 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 375 කි. ඉන්දීය සහ පාකිස්තානු ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 50 බැගින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 445 කි. සුදු ලූනු කිලෝවක මිල රුපියල් 15 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 680 කි. පාකිස්ථානු අර්තාපල් කිලෝවක මිල රුපියල් 10 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 165 කි. රතු පරිප්පු කිලෝවක මිල රුප

Read More

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඒකමතිකව තේරී පත් විය. ඒ නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති අවස්ථවේදීය.

Read More

අවුරුදු චාරිත්‍ර පිළිබඳව පැන නැගී ඇති ගැටළු සහගත තත්වය නිරාකරණය කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් අවුරුදු චාරිත්‍ර වලින් ජනතාව ඈත් වීමේ අවධානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2024.04.08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Read More

මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

කොම්පඤ්ඤවීදිය , විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකල ද්විත්ව ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (08) ජනතා අයිතියට පත් කළේය.

Read More

අද ශ්‍රී ලංකාවේ රාමසාන් උපවාසය සිදු කළත් ගාසා තීරයේ ඉතා කණගාටු තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. එහි මුස්ලිම් ප්‍රජාව තිස්පන්දහකගේ පමණ ජීවිත අහිමි වී තිබෙනවා.

Read More

වැල්ලවාය-බුත්තල මාර්ගයේ වැල්ලවාය නගරය ආසන්නයේ පිහිටි තෙල් පිරවුම්හලක් අසලදී අද අලුයම ටිපර්රථයක් සහ ත්‍රීවීල්රථයක් ගැටීමෙන් සිදුවූ රියඅනතුරකින් අවුරුදු 02 මාස 08 දරුවෙක් මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.

Read More

එම නව ආර්ථිකය ඇති කිරීමට අදාළ මුලික නීති ලබන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජුනි මාසයේදී සම්මත කර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති වශයෙන් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පත්කිරීමට එහි දේශපාලන මණ්ඩලය කටයුතු කළේය. පක්ෂයේ දේශභාලන මණ්ඩලය හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේද සහභාගිතිවයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

Read More

අනුරාධපුර පාදෙණිය ඒ28 ප්‍රධාන මාර්ගයේ තලාව ප්‍රදේශයේදී අද (8දා) සිදුවූ රිය අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තලාව පොලිසිය පවසයි.

Read More

හිටපු සෞඛ්‍ය අමත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 06 දෙනා ලබන 22 දක්වා අද (08) යළි රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.

Read More

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වාලමලෙයි හින්දු කොවිලේ පැවති වාර්ෂික උත්සවයකින් පසු වතු කම්කරුවන්ට කොවිලේ දන්සැලෙන් ලබාදුන් ආහාර පාර්සල් අනුභව කල වතු කම්කරුවන් , කුඩා දරුවන් ඇතුළු 120 දෙනෙකු (07) දින රාත්‍රියේ මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.