Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2019 පෙබරවාරි මස 23 වන සෙනසුරාදා
2019 පෙබරවාරි මස 23 වන සෙනසුරාදා
චීන සමාගමක් හා එක්ව අන්තර්ජාතික වෙළෙඳ පොළ වෙත මුරුංගා ආශ්රිත ආහාර සැපයීම සඳහා වූ කර්මාන්ත ශාලාවක්, හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අදාළ ආයෝජකයන් පිරිස හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළව ඇති අතර, අනතුරුව දෙපාර්ශ්වය තීරණය කර ඇත්තේ මුරුංගා පත්‍ර ආශ්‍රිතව නිපදවිය හැකි නිෂ්පාදන රැසක් අන්තර්ජාතික වෙළෙඳ පොළ වෙත හඳුන්වාදීමටය.
මුරුංගා පත්‍ර වියළා ගැනීම තුළින් සකස් කරගත හැකි සුප් වැනි පානයක් සහ සෝස් නිෂ්පාදනයක් කෙරෙහි එහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබේ. මීට අමතරව මුරුංගා කරල් සහ මුරුංගා ඇටවලින් තෙල් ලබාගැනීමටද අපේක්ෂා කෙරේ. ආයෝජකයන් පිරිස අමාත්‍යවරයා වෙත පෙන්වා දී ඇත්තේ මුරුංගා ඇටවල ඇති මේදය කොලෙස්ටරෝල් පාලනයට ඉතා හිතකර වන බවයි.
popular news
you may also like
Champa Tuesday, 28 August 2018 08:29 PM
What the heck? චීන්නු මොකොටද ඕකට? ඇයි දේශීය ව්‍යාපාරිකයෝ ඉන්නේ. ඇයි ලංකාවේ මිනිස්සු allergic ද ඔඹලට? කන්තලේ සීනි කර්මාන්ත ශාලාවත් දුන්නේ ඉන්දියන් කාරයෙක්ට ලංකාවේ ව්‍යාපාරිකයෝ ඉල්ලලා තියෙද්දී. ලංකාවේ මිනිහට නොදී ඉන්දියන් කාරයට දුන්න. මේකත් දැන් කරන්නත් ඉස්සෙල්ලම තීරණය කරලා ඉවරයි චීනෙට දෙන්න. හම්බන්තොට නේද? ඔක්කොම ඉඩම් ටික දීපියව් විදේශිකයන්ට. හැබැයි ඊට පස්සේ චීනේ පුරවැසි භාවය ඉල්ලගන්න වෙයි.
Reply : 0 0
Champa Wednesday, 29 August 2018 09:06 PM
හනේ මෝඩ අමරවීර. තේරෙන්නේ නැත්ද චීනා වෙන එළවලු නැතුව මුරුංගම ගන්නේ මොකොටද කියලා. ඕක ඉල්ලන්නේ සුප් හදන්නයි සෝස් වලටයි නෙමෙයි. හනේ නෙද්දකින්. හරිම boring ඇමතියෙක්. ඇයි හලෝ දන්නේ නැත්ද මුරුංග හොඳ aphrodisiac එකක් කියලා? චීනා හොඳට හම්බ කරයි ඕකෙන්. අනිත් එක මුරුංග වලින් හොඳ ප්‍රතිශක්තියක් ලැබෙනවා. වගාවක් විදියට ගත්තොත් මුරුංග ගස් 100කින් පවුල් 20ක් විතර ජීවත් කරන්න පුළුවන් කියනව. ඒ තරම් වටින ගහක්. චික් විතරක්. ඕක දෙන්න එපා චීනට. ඔය ගස් ටික ඔහොම තියන්න. චීන ආයෝජනයක් ඕනේ නැහැ ලංකාවට තනියම පුළුවන් ඕකෙන් හම්බ කරන්න. දේශීය ව්‍යාපාරිකයෝ ඕනේ තරම් ඉන්නේ. විමල්, ඔයා මේක දකියිද, මුරුංග ගස් ටිකත් චීනට දෙන්න හදන එක බේරලා දෙන්න, පුලුවන්ද, please? හම්බන්තොට ඉඩම් චීනට දෙන්න රටේ නැති හේතු අරන් එනවා. රට ගැන කිසිම හැඟීමක් නැති මිනිස්සු පාර්ලිමේන්තු එව්ව ගංකබරයන්ටයි ගහන්න ඕනේ.
Reply : 0 0
td Wednesday, 29 August 2018 04:46 AM
චීනා කොහොම කොහොම හරි ලංකාව මුරුංගා ඇත්තේ තියා චීනා ගේ වැඩය නියමෙට කර ගනීවි.
Reply : 0 0
casmir Wednesday, 29 August 2018 08:36 PM
මේ ඇමත්වරු සහ රාජ්‍ය නිලදාරීන් මොනවද මේ කරන වැඩ .. ලෝකේ මුරුංග වලට කියන්නේ මගික් ට්‍රී කියල . මුරුංග ගොඩක් ගුණ දායක ගසක් . ඒවා වලින්වත් වැඩක් ගන්ඩ ලංකාවේ මිනිස්සුන්ට දැනුමක් නැද්ද .. නැත්නම් මුන් හැමදෙංම සල්ලිවලට යට කරනවද .. අපේ රාජ්‍ය පරිපාලන සේවයේ මිනිස්සු මොනවද මේ කරන්නේ ... පුදුම දුකක හිතෙනවා මේවා කියවද්දී..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd