Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2019 පෙබරවාරි මස 17 වන ඉරිදා
2019 පෙබරවාරි මස 17 වන ඉරිදා
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දෙන ලෙස කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක රුක්මලේ ධම්මකිත්ති නාහිමියන් විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
හෝමාගම උසාවියේ සිද්ධිය සම්පූර්ණයෙන්ම විකෘති කොට ඥානසාර හිමියන් නොකළ වැරදි 04ක් ඔප්පු කොට දඬුවම් ලබා දී ඇති බවත්, බොරු සාක්ෂි ඔප්පුකොට උන්වහන්සේ සිරගත කර තිබීම අධිකරණ ඉතිහාසයේ සිදු වූ අත්වැරැද්දක් නොව අපරාධයක් බවත් ප්‍රධාන සංඝනායක නාහිමියෝ පෙන්වා දෙති.
අධිකරණ තීන්දුවලට භික්ෂූන් වහන්සේලා ගරු කරන නමුත් ඥානසාර හිමියන්ට අදාළ මෙම නීති කටයුත්ත සිදුකළ ආකාරය මුල සිටම සැකසහිත බවත්, පොලීසියේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් වෙනත් පාර්ශ්වයකට පක්ෂපාතීව කටයුතු කර ඇතැයි පෙනී යන බවත් උන්වහන්සේ පවසති.
ඥානසාර හිමියන් අධිකරණය තුළ අනවසරයෙන් කතා කොට අධිකරණයට අපහාස කර ඇතැයි ඔප්පු කර තිබුණද, උන්වහන්සේ විනිසුරු සමග සංවාදයක යෙදුණු අවස්ථාවේදී විනිසුරු උසාවියට අපහාස කිරීමක් හෝ දඬුවම් කිරීමක් සිදුකර නොමැති බවත්, ඥානසාර හිමියන් එම අවස්ථාවේදී බුද්ධි නිලධාරීන්ට ඇප ලබාදීමට යම් දෙයක් කළ හැකිදැයි විනිසුරුවරයාගෙන් විමසා තිබුණද නඩු තීන්දුවේ සඳහන් වන්නේ ඇප ලබාදෙන ලෙස විනිසුරුට තර්ජනය කර ඇතැයි යන්න බවත් ප්‍රධාන සංඝනායක නාහිමියෝ පෙන්වා දෙති.
හෝමාගම උසාවියේදී ඥානසාර හිමියන් කතා කර තිබුණද එය කිසි විටෙක උසාවියට අපහාස කිරිමේ අදහසකින් නොව, රටේ හමුදා බුද්ධි නිලධාරීන් අනවශ්‍ය ලෙස සිරකර තැබීම පිළිබඳ කළ අහිංසක ඉල්ලීමක් බවත්, එසේ කතා කිරීමෙන් වරදක් වූයේ නම් සමාවන ලෙස ඥානසාර හිමියන් එම අවස්ථාවේදීම ඉල්ලා තිබියදීත් මෙම සුළු සිද්ධිය විශාල සමාජ අර්බුදයක් නිර්මාණය කරමින් දරුණු තීන්දුවක් ලබා දී තිබෙන බවත් ධම්මකිත්ති හිමියෝ සඳහන් කරති.
මෙම තීන්දුව මෙරට අධිකරණ ක්‍රියාදාමයට පමණක් නොව ස්වාභාවික යුක්තිධර්මයට කැළලක් එක්කර තිබෙන බවත්, මේ තත්ත්වය තුළ නීතිය හා අධිකරණ ක්‍රමය පිළිබඳ ජනතා විශ්වාසය තවදුරටත් පළුදු වීමට ඉඩ තිබෙන බවත් උන්වහන්සේ පෙන්වා දෙති.
popular news
you may also like
Champa Thursday, 11 October 2018 05:11 PM
උසාවිය ඇතුලේ හැසිරෙන්න විදිහක් තියෙනවා. උසාවියට ගරු කරන්න ඕනේ. නමුත් රණවිරුවෝ වෙනුවෙන් ආවේගෙන් කතා කරලා ඊට පස්සේ සමාව ඉල්ලුවා නම් ඒ කතාව එතනින් ඉවර කරන්න තිබුන. රටේ ජනතාව සහ හාමුදුරුවරු නීති කඩන තැනට එක්ක ගිහින් තියෙන්නේ මේ ආණ්ඩුවමයි. හැබැයි හාම්දුරුවන්ට දීපු දඬුවම ඉතාම බරපතලයි. මම දැක්ක දැන් මාස කීපෙකට ඉස්සෙල්ල මිනිහෙක් පිළිඅරන් පවුලේ අයද කොහෙද කීප දෙනෙක් මැරුව කියලා. එතකොට අත් හිටවූ සිර දඬුවමක් දීල තිබුන. තව මිනිමරුවෙකුට සිර දඬුවම අවුරුද්දයි. චම්පික ත්රස්තවාදීන්ට පොදු සමාවක් ඉල්ලුව. කතාව නම් තියෙන්නේ ජනාධිපතිතුමා UN යන්න ඉස්සෙල්ල මුට්ටිය දාල බැලුව කියලා. ඥානසාර හාමුදුරුවන්ගේ හිරදඬුවම අහෝසි කරන්න ජනාධිපතිතුමාට පුළුවන්. ත්රස්තවාදීන්ට පොදු සමාව දෙන්න ඕනේ වුනාට හාමුදුරු කෙනෙක්ට එහෙම සමාව දෙන්නේ නැත්තේ ත්‍රස්තවාදී හිතවතුන් තමන්ට බලයට එන්න උදව් කළා, හාමුදුරුවරු එහෙම උදව් කලේ නැති හින්දද නැත්නම් චන්දයක් එනකම් ඉන්දවන්නද දන්නේ නැහැ ඊට පස්සේ නිදහස දීල ලකුණු දාගන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd