හිටපු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ සංසදයක් බිහි කරන ලෙස හිටපු මන්තී‍්‍රවරුන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සහ ඊට පෙර පාර්ලිමේන්තුව හා පළාත් සභාව නියෝජනය කළ වර්තමානයේ පාර්ලිමේන්තුව හෝ පළාත් සභාව නියෝජනය නොකරන මන්තී‍්‍රවරුන් නියෝජනය වන පරිදි මෙම සංසදය බිහි කරන ලෙස ඉල්ලීම ඉදිරිපත්ව ඇත.
පසුගියදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ සහ පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ රැස්විමක් බත්තරමුල්ලේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති අතර එහිදී මෙම යෝජනාව ඉදිරිපත් විය.
අත්දැකීම් බහුල හිටපු මන්තී‍්‍රවරුන්ගේ සහාය පක්ෂයේ උන්නතිය වෙනුවෙන් යොදා ගැනීමට හැකිවන බව එහිදී හිටපු මන්තී‍්‍රවරුන් පෙන්වා දුන්නේය.
කෂිනි හපුආරච්චි