ඇවන්ට් ගාඩ් සමාගමෙන් තමා කප්පම් ලබා ගත් බවට ලිපි ලේඛන දුටුවේ යැයි හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බවත්, හැකි නම් එම ලේඛන ඉදිරිපත් කරන ලෙස තමා ඔහුට අභියෝග කරන බවත් සමගි ජනබලවේගයේ අපේක්ෂක හිටපු ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඇවන්ට් ගාඩ් සමාගම වැනි සමාගම්වලින් තමාට මුදල් ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවද %අද^ පුවත්පත කළ විමසීමකදී ෆොන්සේකා මහතා සඳහන් කළේය.
එසේම විජයදාස රාජපක්ෂ මහතා සහ ඇවන්ට් ගාඩ් සමාගම ඉතා සමීප අයුරින් කටයුතු කර ඇති බවට තමා මීට පෙර අවස්ථා කිහිපයකදී පෙන්වා දුන් බව සඳහන් කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා,
"විජයදාස කියනවනේ මම ඇවන්ට් ගාඩ් සමාගමෙන් කප්පම් මුදල් ලබාගත්ත කියලා. ඒ සම්බන්ධ ලේඛනත් දැක්කා කියනවනේ. මම ඔහු අභියෝග කරනවා හැකි නම්, ඒ ලේඛන ඉදිරිපත් කරන්න කියලා. ඕන කෙනෙක්ට මේ වගේ බොරු කියන්න පුළුවන්.
විජයදාස හැමදාම කියන්නේ මේ වගේ බොරු. ඒ වගේම විජයදාස සහ ඇවන්ට් ගාඩ් සමාගම ඉතා සමීප අයුරින් කටයුතු කළ බවට මම මීට පෙර අවස්ථා කිහිපයකදී පෙන්නලා දුන්නා. ඒ ගැන මුළු රටම දන්නවා. අපි නම් ඔය ඇවන්ට් ගාඩ් වගේ සමාගම්වලින් මුදල් ඉල්ලන්න යන්නේ නෑ විජයදාසලා එහෙම කළාට" යැයිද වැඩිදුරටත් පැවසීය.