නීතිපති දෙපාර්තමෙන්තුවේ දෙවැනියා ලෙස සේවය කරන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ මහත්මිය විශ්රාම ගැනීමේ නියමිත කාලයට පෙර එම ධුරයෙන් විශ්රාම යෑමට ඉල්ලීමක් කොට දින කිහිපයක් ඇතුලත එම ඉල්ලීම ඉල්ලා අස්කරගෙන ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ මහත්මිය නියමිත කාලයට පෙර සොලිසිටර් ජනරාල් ධුරයෙන් විශ්රාම යෑමට කළ ඉල්ලීම රාජ්ය සේවා කොමිසමට යැවීමට පෙර ඉල්ලා අස්කර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි වික්රමසිංහ මහත්මිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කළ අතර දේශපාලනඥයින්ට නඩු පැවරීම් පිළිබඳව ඇය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්රකාශයක් හේතුවෙන් ඇය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තනතුරෙන් ඉවත්ව යළි නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණියාය.
මේ වන විට දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවැනියා වශයෙන් සොලිසිටර් ජනරාල් ධුරයේ කටයුතු කරයි.
එසේ සිටියදී නියමිත කාලයට පෙර විශ්රාම යෑමට වික්රමසිංහ මහත්මිය නීතිපතිවරයා වෙත ඇයැදුම් කළ අතර එම ඇයැදුම බාරගත් නීතිපතිවරයා ඔහුගේ නිර්දේශයන්ද සහිතව එම ඇයැදුම රාජ්ය සේවා කොමිසම වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
නීතිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශයෙන් එම ඇයැදුම රාජ්ය සේවා කොමිසම වෙත යැවීමට පෙර වික්රමසිංහ මහත්මිය නීතිපතිවරයා වෙත යළිත් ඉල්ලීමක් කරමින් නියමිත කාලයට පෙර විශ්රාම යෑමට ඇයැදුම් කරමින් තමන් ඉදිරිපත් කළ ඇයැදුම ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා ඇති බවත් ඒ සඳහා නීතිපතිවරයා අවසර දී ඇති බවත් වාර්තා වේ.