කොවිඩ් -19 වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් දින 12ක කාලයක් වව්නියාව නගර සීමාව හුදකලා කර තිබීමට පියවරගත් බව වව්නියාව දිස්ත්‍රික් ලේකම් එස්.එම් සමන් බන්දුලසේන මහතා පැවසීය.
වව්නියාව කොවිඩ් 19 වයිරස අවදානම් තත්ත්වය හේතුවෙන් අද (12) වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර් යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව වව්නියාව නගරය හුදකලා කිරීමට මෙම තීරණය ගෙන ඇති බවටද දිසාපතිවරයා පැවසීය.
පට්ටානිචූර් ඇතුලු වව්නියාව නගරයේ ව්‍යාපාරික ස්ථානයන්හි පුද්ගලයින්ගෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයන්ගෙන් ආසාදිත පුද්ගලයින් 129 දෙනකු අද (12) උදෑසන වන විට හඳුනාගෙන ඇතැයි ද දිසාපති සමන් බන්ධුලසේන මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව වව්නියාව මුණ්ඩිමුරුප්පුව යුද හමුදා කඳවුර අසල සිට තාන්ඩිකුලම දක්වාත් , මාමඩුව මංසන්ධියේ සිට නෙළුක්කුම මංසන්ධිය දක්වාත් නගර සීමාව හුදකලා කිරීමට පියවර ගෙන ඇත.
මේ අනුව දින 12 කාලයක් ගතවනතුරු වව්නියාව නගරයේ සියලු කඩසාප්පු හා බැංකු වසාදමන බවත් වව්නියාව නගරයට ඇතුළුවිය හැක්කේ රෝහල සඳහා පැමිණෙන රෝගීන්ට , රජයේ සේවකයින්ට හා අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පුද්ගලයින්ට පමණක් බවත් අනවසරයෙන් නගරයට ඇතුළුවන පිරිස් වෙත නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන බවද වව්නියාව පොලීසිය පැවසීය.
අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජය ආයතන සඳහා පැමිණිය යුතු අයෙක්වේ නම් ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කර ඒ සඳහා විශේෂ අවසරයක් ලබාගෙන පැමිණිය යුතු බවත් ලබන 24 සිට සුපුරුදු පරිදි වව්නියාව නගරය විවෘත කිරීමට තිරණය කොට ඇත.