ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සිවුවන තරගය අද (11දා) බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්විමට නියමිතව තිබේ. කෙසේ වෙතත් මෙම තරගයටත් වර්ෂාවෙන් බාධාවන ලකුණු පහළ වී තිබේ.
තරගය බ්‍රිස්ටල්හිදී අද පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතව ඇත. බ්‍රිස්ටල්හි කාලගුණ අනාවැකිවලින් පැවැසෙන්නේ අද දිනයේත් වර්ෂාව බලාපොරොත්තුවිය හැකි බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගයද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණ අතර ඒ හේතුවෙන් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය.
මේ අතර ඊයේ දිනයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.