ගම්පහ, ඉහළගම පදිංචිව සිටි මෙත්සුක සහන් සත්සර මුදලිගේ නමැති 15 හැවිරිදි පිරිමි දරුවා පසුගිය ඉරිදා (15දා) දහවල සිට නිවසින් අතුරුදන්ව ඇත. ඔහු අවසන් වරට රතු පැහැති ටී. ෂර්ට් එකක් සහ ලා දුඹුරු පැහැති කලිසමක් හැඳ සිටි බවත්, නළලේ දකුණු පස කළු පැහැ ලපයක් තිබුණු බවත් දෙමවුපියෝ පවසති. මේ සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වෙත පැමිණිල්ලක්ද සිදුකර ඇති අතර, දරුවා සම්බන්ධයෙන් කිසියම් හෝ තොරතුරක් දන්නේ නම් පොලිස් ස්ථානයකට හෝ 077-9615745 (පියා) දුරකථන අංකයට දැනුම්දෙන මෙන් දෙමවුපියෝ ඉල්ලා සිටිති.