පාතාල කල්ලි සාමාජිකයෙකු වූ අජිත් කුමාර නොහොත් කලූ අජිත් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු වන හීනටියන සංඛ නැමැති තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් ත්රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සැකකරු අද මීගමුව ප්රදේශයේදි අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලීසිය සඳහන් කළේ.
කලූ අජිත් නැමැත්තා ඉකුත්දා ජා ඇළ ඒකල මහවත්ත ප්රදේශයේදී වෙඩිතබා ඝාතනය කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද ඒකල ප්රදේශයේදී තවත් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.