මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් බැනර්, කටවුට් හා විද්‍යුත් පුවරු ප්‍රදර්ශනය කරමින් මහජනතාවට හා පරිසරයට සිදුකරන හානි වළක්වා ගැනීමට අද (09දා) දින අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
පරිසරයට හානි සිදුවන ආකාරයේ කටයුතු හා මහජනතාව අපහසුතාවන්ට පත් කරන දෑ සිදුනොකරන ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලට දිගින් දිගටම උපදෙස් ලබාදුන්නද, එය උල්ලංඝනය කරමින් තිබෙන බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක හේමන්ත විතානගේ මහතා පැවසීය.
එබැවින් මෙම තත්ත්වය වළක්වා ගැනීමට පරිසර අධිකාරියට නීති සකස් කිරීමට අවශ්‍ය නියෝග ලබාදෙන ලෙස ඉල්ලා අද අභියානාධිකරණයට කරුණු වාර්තා කරන බවද හෙතෙම පවසා සිටියේය.
පෝස්ටර්, කටවුට්, බැනර් මගින් පරිසරය විනාශ කළ දේශපාලනඥයන් මේ වනවිට විද්‍යුත් පුවරු, පොදු ස්ථානවල සවිකර ජනතාවගේ දෑස් අපහසුතාවන්ට පත්වන ආකාරයේ ප්‍රචාරණ කටයුතු සිදුකරමින් සිටින බවද හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.