මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ලසිත් මාලිංග බංග්ලාදේශය හා පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසුව එක්දින පිටියට සමුදීමට සූදානම් බවට ඉඟි පළවෙමින් තිබේ.
මාලිංග මීට පෙර සඳහන් කළේ තම අවසන් එක්දින තරගයේදී තමා හා ණුවන් කුලසේකර එකට ක්‍රිඩා කරමින් දෙදෙනාම පිටියෙන් සමුගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.
ලෝක කුසලානයට එක්ව සිටි මාලිංග සඳහන් කළේ එය බොහෝ දුරට සාර්ථකවීමට අවස්ථාවක් ඇති බවයි.
බංග්ලාදේශය හා පැවැත්වන එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රි ලංකා සංචිතය මේ වන විට නම්කර තිබේ. කෙසේ වෙතත් එම සංචිතයට නුවණ් කුලසේකර නම් කර නොමැත. ඒ අනුව මාලිංග බංග්ලාදේශ තරගාවලියෙන් එක්දින පිටියට සමුදෙන්නේ නම් කුලසේකර හා එක්ව ක්‍රීඩා කිරීමේ ඔහුගේ අරමුණ ඉටු නොවීමට වැඩි ඉඩක් පවතී.
බංග්ලාදේශ තරගාවලියෙන් පසුව නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට නියමිතව තිබුණත් එම තරගාවලියට එක්දින තරග ඇතුළත් කර නොමැත.
අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයටද පත්වූ ණුවන් කුලසේකරට කණ්ඩායමේ ස්ථානය අහිමිවූ අතර ඔහුගේ සමුගැන්ම සටහන් කිරීමට හෝ තරගයක් ඔහුට නොලැබුණි.