මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ චෝදනාවට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිවු දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
මෙසේ වැඩ තහනමට ලක් කරනු ලැබුවේ උපපොලිස් පරීක්ෂකවරයෙකු සැරයන්වරු දෙදෙනෙකු හා කොස්තාපල්වරයෙකුගේ බව මාධ්‍ය ප්‍රකාශක වරයා පවසයි.
මීට දින කිහිපයකට ඉහත දී මිනුවන්ගොඩ ප්‍රදේශයේ මත්කුඩු සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් හෙලිවුණු තොරතුරු අනුව මෙම සැකකරුවන් කාලයක සිට කරගෙන ගිය මෙම ඡාවාරම හෙලි වූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය .
මෙම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වල දී ඔවුන් විසින් උපයා ගත් කෝටි ගණනාවක මුදල් සහ එම මුදල් වලින් මිල දී ගත් යාන වාහන ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත .
පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයේ අධ්‍යක්ෂක වරයා විසින් මෙම වැඩ තහනම සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .
මෙම පොලිස් නිලධාරීන් සිව් දෙනා 1979 අංක 47 දරණ ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රඳවාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .