දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සිදුකරන මෙහෙයුම්වලට අදාළව අද (11දා) පෙ.ව. 6.00 දක්වා බීමත් රියදුරන් 2037ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 05 දා උදෑසන 6.00 සිට මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කර තිබේ. ඊයේ (10දා) පෙ.ව. 6.00 සිට අද (11දා) පෙ.ව. 6.00 තෙක් ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 274කි.