පොලිස් සේවය තුළ අලුතින් ස්ථාපිත කරන බස්නාහිර පළාත් දකුණ දිසාවේ අපරාධ කොට්ඨාසය සහ බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසය හෙට (12දා) නුගේගොඩ, මිරිහාන පොලිස් ස්ථානයේදී වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
නව අපරාධ කොට්ඨාසය තුළින් නුගේගොඩ හා ගල්කිස්ස යන පොලිස් කොට්ඨාස දෙක තුළ සිදුවන අපරාධ විසඳීම මූලික කරගනිමින් මෙම කොට්ඨාසය ස්ථාපිත කර තිබේ.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය ක්‍රියාත්මක වේ.
බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසය මගින් පානදුර සිට දෙහිවල දක්වාත්, හෝමාගම සිට කිරුළපන දක්වාත්, හෝමාගම සිට මාලඹේ දක්වාත්, කඩුවෙල සිට ඔරුගොඩ දක්වාත්, කොට්ටාව සිට බොරැල්ල ආයුර්වේද වටරවුම දක්වාත්, මාලඹේ සිට පොල්දූව දක්වා වූ මාර්ගවල කටයුතු කරයි.
මේ සඳහා පොලිස් නිලධාරීන් 200ක්, යතුරුපැදි 50ක් සහ මෝටර් රථ 08ක් ලබාදී තිබේ. රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මෙම දිසාව ක්‍රියාත්මක වේ.