ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිපදෙනෙකුට ප්රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්ධයෙන් මෙහි දෙවැනි චුදිතයා ලෙස නම්කොට සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි නමැත්තා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් දසලක්ෂය බැගින් වු ශරිරඇප 04ක් මත මුදාහැරිමට ගාල්ල ප්රධාන මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (16) පස්වරුවේ නියෝග කළේය.
මෙසේ ඇප නියමවුයේ අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි නමැත්තාටය. ඇප නියම නොකිරිමට හේතුවක් මතු නොවන නිසා දැඩිඇප කොන්දෙසි මත ගාල්ල ප්රධාන මහේස්ත්රාත්වරයා සැකකරුට ඇප ලබා දුන්නේය.
දැනට ලබාගෙන ඇති දින 90 රැදවුම් නියෝගය ක්රියාත්මක වන බව සදහන් කළ ප්රධාන මහෙස්ත්රාත්වරයා රැදවුම් නියෝග වලින් පසු මෙකි සැකකරු සතියකට දිනක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනි සිටින ලෙසද නියෝග කළේය. එමෙන්ම එක් ඇපකරුවකු සැම නඩු දිනයකම අධිකරණය ඉදිරියේ පෙනි සිටින ලෙසද ප්රධාන මහේස්ත්රාත්වරයා නියෝග කළේය. ඇපකරුවන් පදිංචිය සනාථ කළ යුතු බවත් පොලිස් වර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත් මහේස්ත්රාත්වරයා දැනුම් දුන්නේය.
(ගාල්ල ලලිත් චාමින්ද)