පාස්කු ඉරුදින එල්ල වු ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් අද (11) ජිවිතක්ෂයට පත්ව තිබේ.
ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුවියක් වේ.
මඩකලපුව සියෝන් දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ඇය තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුලත් කර තිබුණි.
අනතුරුව එම විශ්වවිද්‍යාල සිසුවිය වැලිසර රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර එවා ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය රාගම මහ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.
මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණියක් බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.