කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන ලද බස් රථයක පා පුවරුව පහළ කඩුගන්නාව ප්රදේශයේදී කැඩි යාමෙන් එහි ගමන් ගත් පුදගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව මාවනැල්ල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ එම බස් රථයේ කොන්දොස්තරවරයා වන සමන්තුරේ පදිංචි ආර්. සේකර් හා මොලගොඩ පදිංචි මගියෙකු බව පොලීසිය පවසයි.
අද (09දා) උදෑසන 6.40 ට පමණ මට්ටක්කුලිය ඩිපෝවට අයත් මෙම බස් රථය පහළ කඩුගන්නාව වංගුව අසළදි මෙම බස් රථයේ ඉදිරි පා පාවුරුව කඩා වැටීම නිසා කොන්දොස්තරවරයා හා අනිත් පුද්ගලයා බිමට වැටී ඇති අතර ඉදිරිපස රෝදයට මොවුන් යටවෙන්නට ඇති බවත් එහිදි දැඩි ලෙස තුවාල සිදුවී ඇති බවත් පොලීසිය පවසයි.
චමිල් රූපසිංහ