Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා
2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා
මිහින්තලය නගර මධ්‍යයේ පිහිටි මොහිදින් ජුම්මා මුස්ලිම් පල්ලියේ ආරක්ෂිත තාප්පයෙන් කොටසක් ආරක්ෂක හේතුන් මත කඩා ඉවත් කිරීමට මිහින්තලය ප්‍රාදේශිය සභාව ගෙන ඇති යෝජනාවට මිහින්තලය නගරයේ පදිංචි ඉස්ලාම් භක්තිකයන් පිරිසක් අසතුට පලකරන අතර එම ක්‍රියාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපකීර්තියට පත්වීම අනිවාර්යෙන්ම සිදුවන බවත් ඔවුහු පවසති.
පසුගිය (14දා) මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී අනුර මෙන්දිස් මහතා යෝජනාව සභාවට ඉදිරිපත් කර තිබෙන අතර ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණේ මන්ත්‍රී නිපුන මධුසංක මහතා යෝජනාව ස්ථිර කර තිබේ.
ඒ අනුව ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් වන්දනා මාන කරන මොහිදින් ජුම්මා මුස්ලිම් පල්ලියේ ආරක්ෂිත තාප්පයෙන් කොටසක් ආරක්ෂක හේතුන්මත කඩා දැමීමට තීරණයවි ඇති අතර මිහින්තලය ප්‍රාදේශිය සභාවේ සභාපති ලාල් සෙනවිරත්න මහතා සමඟ මුස්ලිම් පල්ලියේ සභාපති එන්.එම්.රසූල් මහතා ඇතුළු කාරක සභිකයන් හත්දෙනෙකු ඒ පිළිබඳව සාකච්ඡා කර තිබේ.
එහිදි සභාපතිවරයා විසින් ආරක්ෂිත තාප්පයේ කොටසක් කඩා ඉවත්කිරීමට හා ඉස්ලාම් දේවස්ථානය තුළ සිදුවන සිදුවිම් නිරික්ෂණය කල හැකි ආකාරයට තාප්පයේ කවුළු තැබීමට යෝජනා කර තිබේ. එම ක්‍රියා මාර්ගයන් හා උපදෙස් ක්‍රියාත්මක කරනවාද යන්න සම්බන්ධයෙන් ඉස්ලාම් දේවස්ථානය තවම තීරණය කර නැති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඉස්ලාම් ආගමික භක්තිකයන් පිරිසක් කියා සිටියේ අන්තවාදින් බෝම්බ ප්රහාරයන් එල්ලකල හේතුව උලුප්පමින් සියලුම මුස්ලිම් ජාතිකයන්ට බැට නොදිය යුතු බවයි. මෙවැනි ක්‍රියා මාර්ග ගැනීමෙන් සහයෝගයෙන් සහජීවනයෙන් සිටින සිංහල මුස්ලිම් ජනතාව අතර නැති ගැටලුවක් නිර්මාණය වීමට ඉඩ තිබෙන බව ඔවුන් පවසති.
මේ සම්බන්ධයෙන් මොහිදින් ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපති එන්.එම්.රසූල් මහතාගෙන් දුරකථනයෙන් කල විමසීමකදී මෙසේ පැවසුවේය. අපිට එහෙම කරන්න කියලා උපදෙස් ලැබිලා තියනවා. සම්පුර්ණයෙන්ම තාප්පය කඩන්න කියලා නෑ. නමුත් පල්ලිය තුල සිදුවන දේවල් නිරික්ෂණය කිරීමට හැකි අන්දමින් ආරක්ෂිත තාප්පය කඩලා ග්‍රීල් දාන්න කියලා සභාපතිතුමා කිව්වා.
අපි තවම තීරණයක් අරගෙන නෑ මොකද කරන්නේ කියලා. අන්තවාදින් බෝම්බ පිපිරෙව්වට අපි අන්තවාදී රාජ්‍ය විරෝධී කිසිම දෙයක් කරන්නෑ. අපේ පල්ලියේ තිබිලා කිසිම ආයුධයක් හම්බවෙලා නෑ. අපි බෞද්ධ පූජා නගරයේ බෞද්ධයන්ට කිසිදු හිරිහැරයක් වෙන විදියට කටයුතු කරන්නේ නෑ යනුවෙන් සභාපතිවරයා පැවසුවේය.
එප්පාවල - තිසර සමල්
popular news
Champa Thursday, 23 May 2019 07:27 PM
මේවා නම් මහ ගොබ්බ තීරණ. හිනහත් යනවා. පල්ලිය ඇතුලේ වෙන දේවල් බලන්න තාප්පේ හිල් හදල තියන්නලු. මුස්ලිම් පල්ලියේ තාප්පේ කැඩුව කියල රහස් පරීක්ෂකයෙක්වත් දේශප්‍රේමියෙක්වත් වෙන්න බැහැ. නිකම් නැති ප්‍රශ්නයක් ඇති කරන්න හදනවා වගෙයි පේන්නේ. නැවත අලුතින් හදන පල්ලි තියෙනව නම්, අවසර දෙනකොට සුදුසු නිර්ණායක දාන්න ඕනේ ඒවට. ඒ මොකොද කිව්වා නම් ලංකාව අරාබි රටක් හෝ මුස්ලිම් රටක් නොවෙන හින්ද. එහෙම නැත්නම් සිංහල මිනිස්සුන්ට දැන් මුස්ලිම්වරුන් ගැන විශ්වාසය බිඳිලා හින්ද, ඒක නැති කරන්න පල්ලිය තීරණය කරන්න ඕනේ තමන් කරන්න ඕනේ මොකක්ද කියලා.
Reply : 1 0
Dissanayaka Saturday, 25 May 2019 06:00 PM
මේ රට ප්‍රශ්න වලින් අඩු වෙන්න නම් ඒ වගේ තීරණ ගත්තාම මොකද වෙන්නේ. හැංගි හැංගි කරන දේවල් පංසල් පල්ලිවල නෑනේ...
Reply : 0 2
චිත්‍රානන්ද Tuesday, 28 May 2019 05:05 AM
පල්ලි වල කෙසේ වෙතත් පන්සල් ගැන නම් කතා කරලා වැඩක් නැහැ.ආයුධ හම්බ නොවුනට ඒවගේ වෙන අවකෙලි කියලා නිම කරන්න බැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd