නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට රජයේ මුදල් ලබාදීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අද (11දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් නෙවිල් ප්‍රනාන්දු රෝහලට මේ වනවිට රජයේ මුදල් රුපියල් බිලියන පහක් ලබාදී තිබෙන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
එසේම නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයේ රෝහල් නොවන බවට සෞඛ්‍ය ලේකම්වරිය ජනාධිපති විමර්ශන කොමිෂම හමුවේ සාක්ෂි දෙමින් පිළිගෙන තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
මේ අනුව මහජන මුදල් මහා පරිමාණයෙන් අවභාවිත කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර, ඒ සම්බන්ධයෙන් වගකිව යුතු රාජිත සේනාරත්න අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටි බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.