නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ ( 8) දින අක්කරෙයිපත්තු ප්රදේශයේ සිදු කළ වැටලීමකදී ගජමුතු ළඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
ඒ අනුව ගිණිකොන නාවික විධානය සහ කල්මුණේ, සහකාර පොලිස් අධිකාරි කාර්යාලය එක්ව අක්කරෙයිපත්තු ප්රදේශයේ සිදු කළ වැටලීමකදී ගජමුතු 03 ක් සමඟ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මෙම ගජමුතු නීතිවිරෝධී ලෙස අලෙවි කිරිමට සුදානම්කර තිබූ බවට කරුණු අනාවරණය කරගෙන ඇති අතර, මෙම සැකකරුවන් මෙම ජාවාරමේ නිරතවන පුද්ගලයින් බව හඳුනාගෙන ඇත.
එම සැකකරුවන් අක්කරෙයිපත්තු ප්රදේශයේ පදිංචි අවුරුදු 30 සහ 39 වන වියෙහි පසුවන පුද්ගලයින් වන අතර, සැකකරුවන් සහ ගජමුතු ඉදිරි විමර්ශන කටයුතු සඳහා කල්මුණේ, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.