බලපත්ර රහිත, මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් නීති විරෝධි ලෙස ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු හාලිඇල, ඇටම්පිටිය පොලීසිය මගින් ඇටම්පිටිය නෙළුදණ්ඩ ප්රදේශයේදී අද (09) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට පත් සැකකරු කුඩුගල්හින්න, නෙළුදණ්ඩ, ඇටම්පිටිය යන ලිපිනයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.
මොහු රජයේ දෙපාර්තමේන්තුවක රියදුරෙකු වශයෙන් සේවය කොට රැකියාව අහිමිව සිටින අයෙකු බවත් සිය බිරිඳ හා දරුවන්ගෙන් වෙන්ව තනිව ජීවත් වන අයෙකු බවත් පැවසෙන අතර මේ සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමේදී සැකකරුගේ නිවසේ ඔහු නිදාගන්නා ඇඳෙහි මෙට්ටය යට සඟවා තිබූ අදාළ ගිනිඅවියද සමඟ සැකකරු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.