දෙහිවල පොලිස් බල ප්රදේශයේ සොරකම් හා කොල්ලකෑම් දහයකට සම්බන්ධ කල්ලියක සමාජිකයෙකු දෙහිවල රෙක්ෂි වත්ත ප්රදේශයේ අද (12) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් පුද්ගලයා සොරකම් අටකට හා කොල්ලකෑම් දෙකකට සම්බන්ධ බවට අනාවරණය වු බව පොලීසිය පවසයි.
ඉකුත් මාස තුනක පමණ කාලයකදි දෙහිවල පොලිස් බල ප්රදේශයේ සිදු වු සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු රෙක්ෂි වත්ත ප්රදේශයේ සිටින බවට දෙහිවල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂකවරයාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් සිදු කළ ප්රශ්න කිරිමේදි සිදු වු සොරකම් සඳහා තොරතුරු ලබා දුන් පුද්ගලයා බවට අනාවරණය වු බවත් ඒ වෙනුවෙන් ප්රධාන සැකකරු මත්කුඩු ලබා දි ඇතැයි විමර්ශන වලදි අනාවරණය වු බව පොලිස් නිලධාරියෙකු පැවසීය.45 හැවරිදි සැකකරු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.