කුලියාපිටිය රත්සුව රසායනාගාරයට රසායන වාර්තා නිකුත් කිරිමේ ටෙන්ඩරය ලබදීම සඳහා මසකට රුපියල් 25000 බැගින් අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 75000ක් ලබාගැනීමේදී අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ කායික රෝග විශේෂඥ චන්ද්‍රසිරි තෙන්නකෝන්වෙල මහතාට එරෙහි නඩුව එැළැඹන 21 දා යළි කැඳවීමට දෙවැනි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියම කළේය. මෙම නඩුව දෙවැනි විශේෂ ත්‍රිපුද්ගල අධිකරණයේ විභාගයට ගත් පළමු නඩුවයි.