කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු පැමිණීම හේතුවෙන් තලවකැලේ නගරයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ නිලධාරීන් විසින් ඊයේ (12) පියවර ගන්නා ලදි.
මෙම පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රතිකාර ලබා ගැනීමට රැගෙන ආ රෝගියෙකු සමග පැමිණි අයෙකුට කොරෝනා වෛරසය ආසාදිතව ඇති බවට හෙළිවීමත් සමග මෙසේ එම වෛද්‍ය මධ්‍යස්ථානය තාවාකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කරන ලද වෛද්‍යවරයෙකු ඇතුළු සේවකයන් පස් දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමටද පියවර ගෙන ඇති බවත් ඔවුන්ගේ පී. සී. ආර්. පරීක්ෂණ ඉදිරියේදී සිදු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
ශාන් හුලංනුගේ