අනීෂා මානගේ
තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොවිඩ්-19 ආසාධනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු 12 දෙනකු සහ වෙළෙදසැල් 2ක හිමිකරුවන් අද(12) නිරෝධායනය කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පවසයි.
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කරන තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොවිඩ් -19 ආසාධනය වී ඇතැයි අද(12) අනාවරණය වූ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
මෙම පුද්ගලයා ඉකුත් 5 වැනිදා නිවාඩු ලබා තංගල්ල නිවෙසට පැමිණ දින කිහිපයක් තංගල්ල නගරයේ සංචාරය කර ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම පුද්ගලයාගේ නිවැසියන් 7දෙනකු, අසල නිවෙසක 5 දෙනකු සහ මොහු ගමන් කළ බවට හඳුනාගත් වෙළෙදසැල් දෙකක හිමිකරුවන් දෙදෙනකු මෙලෙස නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබිණි. මොහු තංගල්ල ධීවර වරායට, සැලුනයකට, තංගල්ල නගරයේ වෙළෙදසැල් 4කට, සුපිරි වෙළෙද සංකීර්ණයකට සහ ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් වෙත ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා කීවේය. ඒ අනුව තවදුරටත් මෙම ස්ථානවෙත ගමන් කළ පුද්ගලයන් සොයා ඉදිරියේදී නිරෝධායනය කිරීමට පියවර ගන්නා බවද හෙතෙම කීවේය.