ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව දීමට ජනාධිපතිවරයා ගත් තීරණයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වී ඇතැයි කියමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන සැප්තැම්බර් මස 10 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීරණය කළේය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලූවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව එලෙස තීරණය කළ විනිසුරු මඩුල්ල එදින පෙත්සමේ සඳහන් කරුණු තහවුරු කිරීමටද නියම කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරදඬුවම් ලබා සිටියදී බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව දීමට ජනාධිපතිවරයා ගත් තීරණයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වී ඇතැයි කියමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක බරපතළ සිර දඬුවම් නියම කළ අභියාචනාධිකරණය එම දඬුවම වසර හයකින් ගෙවිය යුතු බවට නියෝගයක් නිකුත් කොට ඇති බව සඳහන් කොට ඇති බව දැනුම් දුන්නේය.
අධිකරණයට අපහාස කිරීම වැනි බරපතළ චෝදනාවක් ලැබූ පුද්ගලයකුට සමාව ප්රදානය කර නිදහස් කර හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක් සිදුවන බව සඳහන් කරන පෙත්සම්කරු ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවද සඳහන් කොට ඇත.
එහෙයින් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයෙන් තම මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
මෙම පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම පෙත්සම ලබන සැප්තැම්බර් මස 10 වනදා සලකා බැලීමට තීරණය කළේය.