Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කරනු ලැබුවහොත් ජනාධිපතිවරණය ජයගැනීම සඳහා ඒ මහතාගේ පාර්ශ්වයෙන් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම ප්‍රකාශයට පත් කළ පසු එම වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කිරීමට සජිත් ප්‍රේමදාස පාර්ශ්වය තීරණය කර තිබේ.
වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, මහාචාර්යවරුන්, නීතිඥයින් ඇතුළු වෘත්තිකයන් පිරිසක් එක්ව මෙම වැඩපිළිවෙළ සකසා ඇතැයි වාර්තා වෙයි.
සියලු ජාතීන්ගේ විශ්වාසය දිනාගනිමින්, වඩා ආකර්ෂණීය ප්‍රතිපත්ති මාලාවක් ජනතාවට ඉදිරිපත් කර ජනපතිවරණය ජයගන්නා ආකාරය එහි පැහැදිලි කර ඇතැයි දැනගන්නට ලැබේ.
රටේ ජනමතය සලකා බලා ඉදිරි මාස දෙක ඇතුළත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යම් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවත්, එම ජනමතය නොසලකා හැර සිටීමට අගමැතිවරයාට නොහැකි වනු ඇති බවත් ජනාධිපතිවරණ වැඩපිළිවෙළ සකස් කිරීමට සම්බන්ධ වූ නියෝජිතයන් අතර සාකච්ඡා වී තිබේ.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එවක ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේදී ජනතාවගේ ඉල්ලීම ප්‍රධාන සාධකයක් වූ බවද එම නියෝජිතයන් විසින් පෙන්වා දී තිබේ.
ජනාධිපතිවරණයෙන් පසුව රටේ ඉදිරි අවුරුදු 05 සංවර්ධනය කරන ආකාරය ගැන සියලු පාර්ශ්වයන්ගේ අදහස් උපයෝගී කරගෙන වැඩපිළිවෙළක් සකස් කිරීමටද ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ.
popular news
Dayan Monday, 10 June 2019 10:29 AM
කවුද එයාගේ අගමැති? රනිල් මද? එහෙනම් හබක්.
Reply : 181 0
waruna Monday, 10 June 2019 10:34 AM
සජිත් තවම පරිනත නායකයෙක් නොවේ. UNP එකේ රනිල් ඇරුණුවිට සුදුසු නායකයා වන්නේ කරු. UnP එකේ සමහර මන්ත්‍රීවරුන්ට මෙය තේරෙන්නේ නැහැ. මන්ද ඔවුනුත් අපරනිතයි. මේ රටේ තිබෙන සකීර්ණ ප්‍රශ්න වලට විසදුම් ලබාදීමට පරිනත නායකයෙක් අවශයි. පරිනත නායකයෙක් හැට්යට රනිල් සුදුසු තීරණයක් ගනීවියි. අපේ විස්වාසය.
Reply : 2 207
දහනායක Monday, 10 June 2019 12:24 PM
වරුණගෙ කථාව හරි.සජිත් තවම පරිණත බවක් පෙන්වා නැත.නිවාස හැදීමට අමතරව රටේ අනාගත දියුණුවට කරන කටයුතු ගැන කිසිම ඉඟියක් වත් එතුමා නොපෙන්වීමෙන් එය පැහැදිලි වෙනවා.
Reply : 1 230
Daham Monday, 10 June 2019 11:31 AM
පළමුව තම ආසනය දිනා පෙන්වන්න .
Reply : 3 2
Thilak Sumanasiri Monday, 10 June 2019 11:33 AM
ඔබ තුමාගේ පියා ගත් ක්‍රියා මාර්ගයක් නිසා ඔබ පක්ෂය දෙකට කැඩුනා. අදත් ඔබ පක්ෂය පසුබෑමට හේතුවක් එය. පොඩ්ඩක් ඉවස්සන්න ඔබෙගේ වෙලාව එන තුරු, දැනට ඉක්මන්වුනුත් පක්ෂය දෙකට kadewi. ඔබට ජය ලැබේවි දාන්නම නෙවී.
Reply : 1 113
දහනායක Monday, 10 June 2019 07:39 PM
ඔබේ පියා උදාගම් සදමින් දුප්පතුනට ගෙවල් දුන්නත් 1994 දි එක්සත් ජාතික පක්ෂය පරාදවුනේ ඔබේ පියාගේ ක්‍රියාවන් නිසා බව සත්‍යයක්.රටේ නායකත්වයට නිසි සුදුස්සන් දෙදෙනෙකු සිටියදී ඔවුන් පලවාහැර පක්ෂය විනාශකලේ ඔබේ පියාය.පාක්ෂිකයින්ගේ අදහසද එයයි
Reply : 0 0
Champa Monday, 10 June 2019 06:12 PM
UNP එකෙන් ශක්‍රයා දැම්මත් දිනන්නේ නැහැ.
Reply : 3 1
Kumar Monday, 10 June 2019 09:44 PM
සජිත්ට ජනාධිපතිකම ලැබුනොත් එයාගේ මල් බිස්නස් එක වගේ වෙයිද. තාත්ත ජනාධිපති කාලෙ නුවරඑළියෙන් මල් එන එක ප්රමදවුනොත් ඒවා රට යවන ගුවන් යානයත් නවත්ගෙන සිටිනවා. UL කියන එකට "usuallay late " කියන එක හදුනා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd