Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 මාර්තු මස 29 වන සිකුරාදා
2024 මාර්තු මස 29 වන සිකුරාදා
නවක නළු ජගත් මනුවර්ණ පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් දැක් වූ අදහස් පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“පසුගිය ජනපතිවරණය කාලයේ ජගත් මනුවර්ණ අඬමින් අපෙන් ප්‍රශ්නයක් ඇහුව්වා. ඒ තමයි මගේ අම්මා මාව ඉපදුන වෙලාවේ මැරෙන්න කානුවක දැම්මේ නැත්තේ ඇයි කියලා.
එදා මට ලොකු ප්‍රශ්නයක් තිබුණා ඇයි අම්මා ජගත්ව කානුවක දාන්න ඕනි කියලා. බොරු කියලා ජනතාව නොමග යවලා ඒ අය බලයට ගෙනා ආණ්ඩුව විසින් රටට කරන විනාශය දැක්කාම අනේ ඔව් මේ වගේ දරුවන් ඉපදුන වෙලාවේ කානුවක දැම්මා නම් හොඳයිනෙ වගේ හැඟීමක් මටත් ආවා.
පසුගිය සතියේ බුදු දහමට අපහාස කරන කළා කෘති රැක ගැනීම වෙනුවෙන් පැවැත් වූ මාධ්‍ය හමුවේදී මනුවර්ණ කරපු කතාව ඇහුව්වාට පස්සේ මේ රටේ හැමෝටම විතරක් නෙවෙයි එයාගෙ අම්මටත් හිතෙන්න ඇති තමන්ගේ පුතා ඉපදුණු අවස්ථාවේම කානුවට දැම්මා නම් හොඳයි කියලා.
බුදු දහමට අපහාස කිරීමෙන් නොනැවති මේ අය ඒක අයිතියක් ලෙස පෙන්වීමට උත්සාහ කරනවා. මෙතරම් දැවැන්ත වැරැද්දක් කරලා ඒක රකින්නත් ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න පුළුවන් වෙන්නේ බුදු දහමේ තිබෙන සහනශීලීත්වය නිසා කියන එක මේ අය දැන ගන්න ඕනෑ.
මුස්ලිම් රටක තම ආගමට අපහාස කළා නම් මරණ දඬුවමයි ලැබෙන්නේ. බෞද්ධයන්ගේ තාදී ගුණය, උපේක්ඛා ගුණය නිවටකමක් කියලා වරදවා තේරුම් අරගෙන බුදු දහමට තවදුරටත් අපහාස කළොත් බෞද්ධයන් නිහඬව නොසිටීවි කියන පණිවිඩය අපි මේ ඊනියා නිදහස හොයන අයට මතක් කරනවා.”
popular news
Nandana de silva Tuesday, 28 August 2018 08:49 PM
අනුන්ට බන කියන්න එපා උබ අන්තර්ජාතික හොරෙක්
Reply : 47 95
Ruwan Tuesday, 28 August 2018 10:05 PM
යහපාලනය නැත්නම් ඔබටත් වෙන්නේ මෝරු ටැංකියේ පින පින ඉන්න තමයි.
Reply : 34 79
Don Wednesday, 29 August 2018 08:58 PM
Gommanpila cannot talk about Buddhism as he has stolen wealth of a human
Reply : 21 87
Champa Wednesday, 29 August 2018 09:24 PM
සහතික ඇත්ත කතාව. මේ වගේ උන් කලාකරයෝද? කළා රිටක් තියෙන්නේ. දෙන්න තියෙන්නේ පුටු කකුලක් කැඩෙන්න අහුවෙච්ච වෙලාවක. අපේ ඉවසීමෙන් අයුතු ප්‍රයෝජන ගන්නව. රටක බහුතර ආගමට තියා සුළුතර ආගමකටවත් මේ විදයට නින්දා අපහාස කරන්න ඉඩ දෙන්නේ නැහැ කිසි රටක. කිසිම විදිහකින් අපි ඉවසන්න හොඳ නැහැ මේවට. අන්‍ය ආගමකට නින්දා අපහාස කරලා නිර්මාණ කරන්න කිසිම කලාකාරයෙකුට අයිතියක් නැහැ. ජාතියට අපහාස කරනවා වගේ නෙමෙයි ආගමකට අපහාස කලොත්. සල්ලි දෙනවා නම් බළල් මසුත් කයි මේ කාලකන්නි. තව අර මිනිහගේ පොතේ ඉතාම පහත් විදිහට බුදුදහමට අපහාස කරලා තියෙනව කියලා කෙනෙක් කිව්වා. හරිනම් මේවට මිනිස්සු කෑගහන්න ඉස්සෙල්ල ආණ්ඩුවෙනුයි තහනම් කරන්න ඕනේ. ලෝකයේම ගෞරවයට පාත්‍ර වෙච්ච නිර්මල බුදු දහම තවම රැකිලා තියෙන මේ සිංහල බෞද්ධ රටෙන්ම බුදු දහමට නින්දා අපහාස කරන මිනිස්සු ඉන්න එක මොන තරම් අවාසනාවක්ද? අලුත් නීති ගේනන ඕනේ. බුදුදහමට අපහාස කරන දේ කරන මිනිස්සු ජීවිතාන්තය දක්වා හිරේ දමන්න ඕනේ. අපි හොඳ වැඩියි. ඒකයි මෙහෙම කරන්නේ.
Reply : 0 12
rocky Friday, 31 August 2018 06:20 AM
සංහිඳියා කාර්යාන්සයෙන් ප්‍රචාරය කරන්න හදපු `කනට පාරක්` නාට්‍ය මාලාවේ එක නාට්‍යයක් `භාෂ්මාන්තර". එකේ තියෙන්නේ බල්ලෙකු සමග සංසර්ගයේ යෙදෙන්න පුරුදුවෙච්ච කෙල්ලෙකු ගැන කතාව. තවත් එකක, අංගුලිමාල සහ සුජාතා අතර මාරාන්තික සන්ඩුවක්. එකට හේතුව සුජාතාගේ කන්‍යා භාවනොතිබීම. අංගුලිමාල රහතන් වහන්සේ සුජාතාගේ කන්‍යා භාවය ටෙස්ට් කරන්න ගිය බවක් මේ කතාව ලියපු කාලකන්නියා කියන්නේ කොහොමද? තවත් නාට්‍ය කිහිපයක බවුද්ධ විස්වාසවලට,, සාරධර්මවලට, ඉතිහාසයට නොයෙක් සමච්චල් කරනවා. සංහිඳියාව, ජාතික සමගිය, ගැන මේ නාට්‍ය වල්ලේ එකම පෙළක් වත් නැහැ! එහෙමත් තියෙද්දී සංහිඳියා කාරයෝ කියනවා, කිසිම ආගමකට ඒකෙන් අවමන් කරලා නැහැ කියල!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd