හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් වහන්සේ අභියස දී ඊයේ (29 දා) විශේෂ ආගමික වතාවත් සිදු කර තිබිණි.
ජය ශ්‍රී මහා බෝ සමිඳුන් හට උදෑසන කිරි ආහාර පූජා කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය හට උදෑසන දානමය පිංකම සිදු කෙරිණි.
පෙරේදා (28දා) සවස රුවන්වැලිසෑ රදුන් අභියසදීද හිටපු ජනාධිපතිනිය හට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ආගමික වතාවත් සිදු කෙරිණි. මෙම මෙම ආගමික වැඩසටහන් සඳහා අටමස්ථානයේ විහාරස්ථානවල නායක හිමිවරුන් වැඩම කර සිටියහ.
මෙහිදී හිටපු ජනාධිපතිනියට සෙත්පතා මහා සංඝරත්නය විසින් ආශිර්වාද සෙත් පිරිත් සජ්ජායනාවක් ද සිදු කළහ.
මල්වතු පාර්ශවයේ අනු නායක නියංගොඩ විජිතසිරි නාහිමිපාණන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන්, අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස, රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන යන නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් මෙම ආගමික වතාවත් සිදු කෙරිණි.